දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි.
දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. දෙවන අදියරේ නායයෑම් අනතුරු සඳහා නිවේදන නිකුත් කර ඇත්තේ රත්නපුර, මාතලේ,කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්ක සදහා ය. කොළඹ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකයන් පත් කර නැහැ – ජාතික මාධ්‍ය සංසදය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ස්ථාපිත අයිතිවාසිකම් කොමිසම් සභාව දැනට මාස 2ක කාලයක් අක්‍රීය තත්ත්වයේ පසු වේ. එයට හේතුව වන්නේ පනතේ සදහන් ලෙස නව සමාජිකයින් පත් නොකර ගැනීම නිසයි.මෙම කොමිසමේ ආරම්භක සමාජිකයින්ගේ පස් අවුරුදු ධූර කාලය පසුගිය සැප්තැම්බර් 30 අවසන් වුව ද එම ධූර සදහා නාම යෝජනා ඉදිරිපත් කල ද තොරතුරු අයිතිවාසිකම් කොමිසම් සභාවේ සමාජිකයින් […]
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම ගැන කණගාටුයි – කාදිනල් හිමි..
වාද්දුව ශුද්ධාත්ම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අඟහරුවාදා (24) එක්වෙමින් 2019 අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළිත් වරක් කලකිරීම ප්‍රකාශ කර තිබේ. “ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් එය කළ හැකි අයෙකුට මෙම කාර්යය භාරදිය […]
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩිනමින් සැකසීමට උපදෙස්
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ අංශවලට ඊයේ උපදෙස් ලබා දුන්නා.එම ප්‍රදේශයට අධික වර්ෂාව සහ පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් පසුගියදා මාර්ගය වසා දැමුණා. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම නාය යාමේ අවදානම හඳුනාගෙන ඇත. පසුව […]
මාධ්‍ය ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කිරීම සඳහා කමිටුවක්
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට අදාළ වන දැනට පවතින නීති සංශෝධන කිරීම සඳහාත් එම විෂය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කිරීම සඳහාත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.නීති, ජාත්‍යන්තර නීති, ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය මෙන්ම සමාජ හා සංස්කෘතික අනන්‍යතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට මේ […]
