Health, Local News
November 30, 2021
343 views 0 secs 0

ඔමික්‍රෝන් ව්‍යාප්තිය ඉහළට

මේ වන විට රටවල් 18 ක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත ගොස් තිබෙනවා.විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් ද ආසාදිතයෙකු හමුවී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි අවදානමක් මතු කරනු ඇති බවයි.

Local News
November 30, 2021
536 views 0 secs 0

සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වේ.

හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ය. ඔහු කලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය. එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

Local News
November 30, 2021
345 views 0 secs 0

අද කාලගුණය

අද බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව , වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Local News
November 29, 2021
352 views 0 secs 0

රාජ්‍ය සේවකයින්ගේ විරෝධය

දිවයින පුරා අද (29) කෑම පැයේදී රාජ්‍ය සේවකයින් විරෝධතාවක නිරත වනවා . මෙම විරෝධයට හේතුව වන්නේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවිය යුතු බවට රජයට බල කරමින් ය.මෙම අරගලය පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වන බව රාජ්‍ය සේවා වැටුප් වැඩිකරගැනීමේ වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු වන සමන් රත්නප්‍රිය පවසනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් […]

Local News
November 29, 2021
352 views 0 secs 0

අද සිට යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහි පෙත්සම් විභාගයට

අද (29) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. අදාළ විරෝධතා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ […]

Local News
November 29, 2021
383 views 0 secs 0

කොළඹ හා බදුල්ල දුම්රිය ධාවනය නැවතත් ආරම්භ කෙරේ .

අද (29) දිනයේ කොළඹ හා බදුල්ල අතර දුම්රිය ධාවනය සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා. දිවයිනේ පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තිබේ.දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙන බවයි

Local News
November 28, 2021
302 views 0 secs 0

මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර සොයා ගැනේ

අද (28) උදෑසන මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය මේ වන විට සොයාගෙන ඇත. එම මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.මියගොස් ඇත්තේ ගුරුදෙනිය, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Local News
November 28, 2021
318 views 0 secs 0

මෙරට ඔමික්‍රෝන් වැළඳුනු අය සොයාගැනීමට වේගවත් පියවරක්…

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් නම් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක මේ වනවිට ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා. ඊට […]

Local News
November 28, 2021
324 views 0 secs 0

නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට…

ඉදිරි දින 2 තුළ ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, එම පොහොර තොගය හදිසි ඇනවුමක් ලෙස මෙරටට ගුවන් මගින් රැගෙන එන බවය.