Local News
January 04, 2022
346 views 0 secs 0

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කර තිබේ.රුමේෂ් රත්නායක දැනට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි.

Local News
January 04, 2022
339 views 1 sec 0

විශාලතම තනි නිල් මැණිකට ඩුබායි සමාගමකින් ඉහළ මිලක්

මෙරටින් සොයාගත් ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික වන ආසියාවේ රැජින (QUEEN OF ASIA) ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.මෙම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310කට ආසන්නයි.

Local News
January 04, 2022
337 views 0 secs 0

දුමින්ද නාගමුව ඇප

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද ඔහු කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

Local News
January 03, 2022
434 views 0 secs 0

නව සංශෝදිත බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ…

ඉන්ධන මිල ඉහළයාමත් සමඟ සංශෝධනය කරන ලද බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නව බස් ගාස්තු සංශෝධනය ලබන 05 වන දින සිට ක්‍රියාත්මක බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ. සංශෝධනය කරන ලද බස් ගාස්තු පහතින්.

Local News
December 30, 2021
345 views 0 secs 0

නැවතත් කිරිපිටි මිල ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනිකකිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 150 කින් වැඩි කෙරේ. ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60කින් වැඩි කෙරේ

Local News
December 30, 2021
376 views 0 secs 0

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට

සියලුම රාජ්‍ය සේවකයින් ජනවාරි මස 3 වනදා සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පසුගිය කාලයේ සේවකයින් සේවයට කැඳවීම සිදු කරනු ලැබුවේ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදියි. ඊට අදාළ චක්‍රලේඛය අද (30) දිනයේ නිකුත් කිරීමට නියමිතයි.

Local News
December 29, 2021
346 views 0 secs 0

අවම බස් ගාස්තු සංශෝධනය වේ.

2022 ජනවාරි 05 සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව රු. 3/= ඉහළට. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට අනුව නව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇත.“ඉන්ධන මිල අඩු වූ විට සහ ආසන ධාරිතාවට අනුව මගීන් ප්‍රවාහනය කිරීමට රජය පනවා ඇති සීමාව ඉවත් කළ විට නැවත වරක් ගාස්තු අඩු කරන බව” රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවසීය.

Local News
December 29, 2021
396 views 0 secs 0

අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවේ.

ඊයේ (28) බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.ඒ අනුව අද දිනයේ සිට සිය රාජකාරි සාමාන්‍ය පරිදි සිදුකරන බවයි දුම්රිය සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

Local News
December 29, 2021
338 views 0 secs 0

බස් ගාස්තු සංශෝධනය වෙයි.

අද (29) දිනයේ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.බස් සංගම් සඳහන් කළේ නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා, සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ යනු ඇති බවයි.

Health, Local News
December 28, 2021
385 views 1 sec 0

තවත් ෆයිසර් තොගයක් ලංකාවට

රට තුළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තෙවැනි මාත්‍රාව ලෙස භාවිත කිරීමට නියමිත Pfizer COVID-19 එන්නත් මාත්‍රා 1,147,770 ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා