Local News
March 22, 2022
267 views 0 secs 0

විදුලි හා ජල බිල්පත් වැඩි වෙයිද..??

ඊයේ (22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් සිදු කර නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියා.

Local News
March 22, 2022
284 views 0 secs 0

කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇතුල්කෝට්ටේ සුපිරි වෙළඳසැලක් අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 218ක් ළඟ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Local News
March 22, 2022
286 views 0 secs 0

තවත් ගෑස් නැවක් කොළඹ වරායට

ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් තොගයක් සහිත තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගය සඳහා ගෙවිම් සිදු කර ඇති අතර කෙරවළපිටිය පර්යන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළා. එම ගෑස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි බවයි.

Local News
March 22, 2022
286 views 0 secs 0

බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අමාත්‍ය ගාමිණී ලොකුගේගේ රියදුරා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (22) පෙරවරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ 41 හැවිරිදි මෙම රියදුරා පෞද්ගලික ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.

Local News
March 21, 2022
310 views 0 secs 0

සර්ව පාක්ෂික සමුළුවට සජබෙ හා ලංකා කම්කරු කොංග්‍රසය සහභාගී නොවේ..

ලංකා කම්කරු කොංග්‍රසය බදාදා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් ප්‍රකාශ කර සිටි අතර සමගි ජන බලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බව අද දහවල් ප්‍රකාශ කර සිටියා.

Local News
March 21, 2022
313 views 0 secs 0

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක්

ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ 16 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව යෝජනා පහක් සභාගත කර තිබෙනවා.මාර්තු 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා උපදේශක කමිටුවක් පත් කරන ලදී. ආර්ථිකය නගා සිටුවීමට අදාළව යෝජනා පහක් උපදේශක කමිටුව විසින් ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කර ඇත. එම […]

Local News
March 21, 2022
281 views 0 secs 0

විදුලි ගාස්තු 500% කින් ඉහළ නැංවීමේ හැකියාවක් පවති – රාජ්‍ය ඇමති

ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවකට අනුව විදුලි ගාස්තු 500% කින් ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ආරංචි මාර්ග වලට අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට ලංවිම සලකා බලමින් සිටින බවයි.“මහජනයාට තම නිවෙස්වල ඇති විවිධ බල්බ සහ විදුලි පංකා භාවිතා නොකර වාඩි වී බලා සිටීමට සිදුවනු […]

Local News
March 21, 2022
300 views 0 secs 0

ලංකාව චීනයෙන් මූල්‍ය ආධාර ඉල්ලයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති අද මාධ්‍ය හමුවක දී , ශ්‍රී ලංකාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව පවසනවා.අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මේ බව සඳහන් කළා.මෙම ඉල්ලිම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

Local News
March 21, 2022
962 views 0 secs 0

පානීය ජල බෝතල් මිල ඉහලට…

ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය, ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව සඳහන් කර සිටියා. ඒ අනුව ලීටර් එක හමාරේ බෝතලයක නව මිල රුපියල් 120 ක් වන් අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300ක් වේ. නිෂ්පාදන අමු ද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිල සහ හිස් බෝතල් හිඟවීම වැනි හේතූන් නිසා මෙම පියවර ගත් […]