තවත් ගෑස් නැවක් කොළඹ වරායට
ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් තොගයක් සහිත තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගය සඳහා ගෙවිම් සිදු කර ඇති අතර කෙරවළපිටිය පර්යන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළා. එම ගෑස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි බවයි.
ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක්
ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ 16 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව යෝජනා පහක් සභාගත කර තිබෙනවා.මාර්තු 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා උපදේශක කමිටුවක් පත් කරන ලදී. ආර්ථිකය නගා සිටුවීමට අදාළව යෝජනා පහක් උපදේශක කමිටුව විසින් ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කර ඇත. එම […]
විදුලි ගාස්තු 500% කින් ඉහළ නැංවීමේ හැකියාවක් පවති – රාජ්‍ය ඇමති
ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවකට අනුව විදුලි ගාස්තු 500% කින් ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ආරංචි මාර්ග වලට අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට ලංවිම සලකා බලමින් සිටින බවයි.“මහජනයාට තම නිවෙස්වල ඇති විවිධ බල්බ සහ විදුලි පංකා භාවිතා නොකර වාඩි වී බලා සිටීමට සිදුවනු […]
ඉන්ධන පෝලිමක ගැටුමකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි..
නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් හේතුවෙන් 29 හැවරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වතුපිටිවල රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි […]
