Local News
March 24, 2022
239 views 0 secs 0

අගමැති මහින්දගෙන් ඉන්දීය අගමැතිට තුති…..

පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආධාර පිළිබඳව ස්තූතිය පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පවසා තිබේ.

Local News
March 24, 2022
261 views 0 secs 0

නාවල ඉන්ධන පිරවුම්හල කොල්ලකෑමට සම්බන්ධව සොත්ති උපාලිගේ පුත්‍රයා අත්අඩංගුවට

නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාර්තු 18 වැනි දින රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි පස් දෙනෙක් ඉන්ධන පිරවුම්හලට පැමිණ සේවකයන් බිය ගන්වා පරිශ්‍රයේ තිබූ මුදල් සොරකම් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ එක් සැකකරුවෙකු වසර කිහිපයකට පෙර මියගිය ශ්‍රී ලංකාවේ නමගිය අපරාධකරුවෙකු […]

Local News
March 24, 2022
277 views 0 secs 0

අලුත් අවුරුදු සමයේදී ගැටලුවක් නැතිව ඉන්ධන ලබා දෙනවා- බලශක්ති ඇමති

කිසිඳු ගැටලුවකින් තොරව අලුත් අවුරුදු සමය වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. ඇතැම් ඉන්ධන පිටවුම්හල් වෙත යොමු කරන ඉන්ධන බවුසර නැවත හරවා එවන තත්ත්වයක් උද්ගතවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එයට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල්වල ගබඩා පිරී තිබීම නිසා බවයි. කෙසේ වුවද ඉන්ධන පිරවුම් […]

Local News
March 23, 2022
252 views 0 secs 0

සර්ව පාක්ෂික සමුළුවේදී කබ්රාල් දේශපාලනය කතා කිරීම ගැන රනිල්ගෙන් බැණුම්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැදවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී දේශපාලනය කතා කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.සමුළුව අමතමින් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති අතර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු රජයට දොස් පවරා තිබේ. කබ්රාල්ගේ කතාව […]

Local News
March 23, 2022
235 views 0 secs 0

සර්ව පාක්ෂික සමුළුව අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව අද (23) පෙරවරු 10 ට කොළඹදී පැවැත්වේ.මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.කෙසේ වෙතත්, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන පාර්ශවයන් නම්; සමගි ජන බලවේගයජාතික ජන බලවේගයසමස්ත […]

Local News, Politics
March 23, 2022
234 views 0 secs 0

අද (23) ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතාවයක්

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ජනබල විරෝධය’ විරෝධතා පාගමන සහ රැළිය අද (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සහ ආර්ථික අර්බුදය විසඳන ලෙස ඉල්ලා රජයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා. විරෝධතා පාගමන පස්වරු 3ට දෙල්කඳ නගරයෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.

Local News
March 22, 2022
239 views 0 secs 0

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත සම්මතයි…

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86කින් සම්මත වී ඇති බව වාර්තා වේ. පනත් කෙටුම්පතට විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 35 කි.

Local News
March 22, 2022
256 views 0 secs 0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අධීක්ෂණයට හමුදාව…

අද (22) දිනයේ සිට සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටියා. මෙහිදී සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා ලැබෙන ඉන්ධන පාරිභෝගිකයින් වෙත නිසි අයුරින් බෙදා හරින්නේද යන්න ගැන හමුදා නිලධාරීන් […]

Local News
March 22, 2022
259 views 5 secs 0

හෙට විදුලි කප්පාදු කාලසටහන…

හෙට දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් කලාප වලට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක්ද, ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W කලාප වලට පෙරවරු 10.30 සිට පස්වරු 04.30 […]

Local News
March 22, 2022
223 views 0 secs 0

ගම්මන්පිල මහතා තවත් තනතුරක් අතහරී…

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ රැඳී සිටීම නුසුදුසු බව තම නිගමනය වන බව පවසාඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.