Home > Articles posted by Admin (Page 15)
FEATURE
on Sep 8, 2025
72 views 0 secs

2025 වසරේ පළාත් පාලන සතිය සැප්තැම්බර් 15 සිට 21 දක්වා “පුනරුදයේ පුරවරය” යන තේමාව යටතේ පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා ප්‍රකාශ කළේය. 2016දී අවසන් වරට පවත්වා තිබූ පළාත් පාලන සතිය, නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන පළමු අවස්ථාව බවද එහිදී සදහන් කරන ලදි. “පුනරුදයේ පුරවර” සතිය තුළ […]

FEATURE
on Sep 8, 2025
84 views 0 secs

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ. මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ […]

FEATURE
on Sep 8, 2025
81 views 0 secs

මෙරට සෞඛ්‍ය සේවාවේ විශ්ව සෞඛ්‍ය අගයන් තවත් ඉහළට නංවීමට නව වැඩපිළිවෙලක් යටතේ දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අද (08) පියවර ගන්නා ලදි. කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති උත්සව සභාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වය දරන අතර, නව සීමාවාසික වෛද්‍යවරයන්ට පත්වීම් ලිපි මෙහිදී […]

FEATURE
on Sep 8, 2025
81 views 0 secs

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබේ. පසුගියදා ඇල්ල–වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු රිය අනතුර අවස්ථාවේදී, වෛද්‍ය රාජපක්ෂ මහතා අනතුරට පත් වූ අයගේ ජීවිත බේරා ගැනීමට සිය ජීවිත අවදානමට ගෙන කටයුතු කළේද විශේෂත්වයකි.

FEATURE
on Sep 8, 2025
89 views 0 secs

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය. මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව […]

FEATURE
on Sep 8, 2025
81 views 0 secs

කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් හමුවිය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ, හෙට්ටිගම, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් ද නැතහොත් වෙනත් සැකපහරණ මරණයක්ද යන්න පිළිබඳව කුඹුක්ගැටේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම, පල්ලේකැලේ පොලිස් වසමේ වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී තවත් පිරිමි මළ […]

FEATURE
on Sep 8, 2025
86 views 0 secs

රථ වාහන නීතිය අද (08) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඒ සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් යොදවා රථ වාහන පරීක්ෂා කිරීමට නියමිත බවයි. මෙම පරීක්ෂණවලදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන, වර්ණ වෙනස් කළ වාහන, විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කරන වාහන, එමඟින් නීතිවිරෝධී […]

FEATURE
on Sep 8, 2025
75 views 0 secs

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (04) දිනටත් දිවයින පුරා ක්‍රියාත්මක වෙයි. නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා සඳහන් කළේ, රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද සිට පස්වරු 4.30ට පසු අතිකාල සේවාවලින් ඉවත් වන බවයි. ඉහත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට […]

FEATURE
on Sep 8, 2025
74 views 0 secs

ආහාර ස්වෛරීභාවය සඳහා වන නියෙලෙනි 03 වන ගෝලීය සමුළුව අද (03) මහනුවර පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේදී ආරම්භ විය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, දින 10ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 80ක නියෝජිතයන් 700කට අධික පිරිසක් සහභාගී වන බවය. ආරම්භක උත්සවයට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය, අගය එකතු කිරීම, සමුපකාර හා […]

FEATURE
on Sep 2, 2025
76 views 0 secs

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ. රජය යාපනය, මුලතිව් සහ මන්නාරම ප්‍රදේශ උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධනය කිරීම සැලසුම් කර […]