Home > Articles posted by Admin (Page 16)
FEATURE
on Sep 2, 2025
73 views 0 secs

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් පළාතේ ඊයේ (01) රික්ටර් මාපකයේ 6.0 තත්ත්වයෙන් භූකම්පනයක් සිදු වී ඇති අතර එමඟින් දැවැන්ත හානි සිදුවී ඇත. බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීම් මෙහෙයුම් ගුවන් මගින් පමණක් සිදුකළ හැකි වී ඇති බව දැනගන්නට ඇත. ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින අය තවමත් ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී. […]

FEATURE
on Sep 2, 2025
61 views 0 secs

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද (02) දිනට යෙදී ඇති අතර, එය සමරන ප්‍රධාන උත්සවය පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, මෙවර සංවත්සරය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව, දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් සහ ආසන බලමණ්ඩල රැස්වීම් […]

FEATURE
on Sep 2, 2025
69 views 0 secs

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ අගෝස්තු 31 වන දින සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව සඳහන් කළේ, මෙම නායයාමෙන් දිවි ගලවාගෙන තිබුණේ එක් අයෙක් පමණක් බවයි. එම පරිබාහිරය පිළිබඳ නිල වාර්තාවන් නිකුත් වීම සිදුව ඇත්තේ අද දිනයේය. මියගිය […]

FEATURE
on Sep 2, 2025
57 views 0 secs

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ස්වල්ප වැසි ඇති විය හැකි බවයි. ඌව පළාතේ ද, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද පස්වරු 2න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලද, උතුරු-මැද සහ වයඹ […]

FEATURE
on Sep 1, 2025
57 views 0 secs

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විනි. මෙහිදී, දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සියල්ල මේ වසර තුළම නිම කර දමන ලෙසත්, වෙන්කර ඇති මුදල් නව වසරට අවිච්ඡින්න නොවන ලෙසත් සභාපතිවරුන් සියළු ආයතනවලට අවධාරණය කළහ. […]

FEATURE
on Sep 1, 2025
57 views 0 secs

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාට ඔවුන්ගේ නිවෙසවලින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි. ඔහු පැවසුවේ එය ඔවුන්ගේ ඉල්ලීමකට අනුව සලස්වා ඇති බවයි. රාජිත සේනාරත්න මහතා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, කිරිඳ ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතිය කොරියානු සමාගමකට […]

FEATURE
on Sep 1, 2025
53 views 0 secs

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද (01) කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. මෙම උත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙණ නිළධාරි (පාලන) දීප්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.

FEATURE
on Sep 1, 2025
56 views 0 secs

ඊයේ දිනයේදී රටේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ 09 ඇල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 75 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇත. හික්කඩුව ප්‍රදේශයේ ගාල්ල–කොළඹ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකට ලොරි රථයක් ගැටීමෙන් 23 හැවිරිදි අඟුරුවාතොට පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. […]

FEATURE
on Sep 1, 2025
55 views 0 secs

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කරසිටියා.. ඔහු සඳහන් කළේ මෙම නියමයට පටහැනිව කටයුතු කරන අය සදහා නීතිමය පියවර ගෙන යනු ඇති බවයි. කෙසේ වෙතත් ආසන පටි සවිකර නොමැති වාහන සඳහා මාස 3ක සහන කාලයක් ලබාදෙන […]

FEATURE
on Sep 1, 2025
55 views 0 secs

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා “සෙයිරි සතිය” නමින් විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩපිළිවෙල දිගු දින 4ක් පුරාවට පැවැත්වීමට නියමිතය. මෙම වැඩපිළිවෙලේ අරමුණ වනුයේ රාජ්‍ය ආයතන තුළ සේවය කරන නිලධාරීන්ට පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත හා නිදහස් වැඩ පරිසරයක් සපයීමයි. ඒ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා […]