Home > Articles posted by Admin (Page 19)
FEATURE
on Jul 27, 2025
86 views 0 secs

අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන්යානයක ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී යානයේ ටයරයක ගින්නක් සහ දුමාරයක් පැන නැඟී තිබූ අතර, සිද්ධියට පිළිවෙලින් ප්‍රතිචාර දැක්වූ පාලක පිරිස මගින් යානය ධාවන පථයෙන් හදිසි ලෙස ඉවත් කර තිබේ. මෙම […]

FEATURE
on Jul 27, 2025
87 views 0 secs

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළ සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති අතර, පිරිමි පුද්ගලයින් හයදෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු මෙහි අයත් බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි මිචිගන් පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් මහජනතාවට හෙළි කර […]

FEATURE
on Jul 16, 2025
110 views 0 secs

ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟාවලියේ තෙවැනි සහ අවසන් 20/20 ක්‍රිකට් තරඟය කඩුලු 8කින් ජයගෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි 20 තරඟාවලියක් ජය ගැනීමට අද (16) හැකිවිය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරඟයේදී, කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා […]

FEATURE
on Jul 16, 2025
103 views 1 sec

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි. මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන […]

FEATURE
on Jul 16, 2025
111 views 0 secs

ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් විද්‍යුත් මෝටර් රථ ඉන්දියාවේ නිල වශයෙන් නිකුත් කිරීම ඊයේ (15) මුම්බායිහිදී සිදු විය. මෙයට සමගාමීව ටෙස්ලා Y මොඩලය රුපියල් මිලියන 6ක් සිට ආරම්භ වන මිලකට හඳුන්වාදී ඇති අතර, තවමත් තීරුබදු සහනිසි එකඟතාවයක් නොමැතිව මෙරටට ආනයනය කෙරේ. චීනයෙන් ගෙන්වූ මෝටර් රථ දෙකක් සහ සුපර් චාජරයක් සමඟ මුම්බායි ප්‍රදර්ශනාගාරය විවෘත කර ඇති […]

FEATURE
on Jul 16, 2025
98 views 0 secs

සිරියාවේ ස්වයිඩා ඩෲස් නගරයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ පැය කිහිපයකින් පසුව, සිරියානු රජයේ හමුදාව සහ ප්‍රාදේශීය සටන්කරුවන් අතර ගැටුම් යළි ආරම්භ වී තිබේ. ඒ අනුව නගරය සහ ආශ්‍රිත ගම්මාන අලුයම වන විට තද වර්ෂාවක් මෙන් කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාරවලට ලක්වූ අතර, එහි ඉලක්කය වූයේ සිරියානු හමුදා රථ පෙළක් බව වාර්තා වේ. සටන් විරාමය කඩ […]

FEATURE
on Jul 16, 2025
90 views 0 secs

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත. 1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය. 1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය. ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් […]

FEATURE
on Jul 16, 2025
93 views 1 sec

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය. […]

FEATURE
on Jul 15, 2025
102 views 1 sec

“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද (15) දින උදෑසන ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ, සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී […]

FEATURE
on Jul 15, 2025
98 views 0 secs

2025 ලෝක තරුණ නිපුණතා දිනය සැමරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය විසින් අද (15) දිනය පුරාවට දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි. 2014 වර්ෂයේ ලෝක තරුණ නිපුණතා දිනය සම්බන්ධයෙන් යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ද ශ්‍රී ලංකාව විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස […]