මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.
හෙට (16) රාත්‍රී 10.00 සිට පසු දින (17) අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස 2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ. එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැත. අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ […]
අද (13) රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ. පෙරහර මංගල්‍යය අද දිනයේ සිට එළඹෙන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීති පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පසුගිය බ්‍රහස්පතින්දා සිට වසාදැමුණූ අතර එම ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් අනතුරුව එම නගරය සඳහා සංචරණ සීමා පැනවූ 06 වන අවස්ථාව මෙය වේ. ගත වූ දිනය තුළ ද මෙල්බන් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩෙල්ටා ආසාදිතයින් 20 දෙනෙකු […]
ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ. අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය.
අද අලුයම 02.15 ට පමණ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.
තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත.
කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අන්තර් පළාත් සංචාරණ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම රජයේ සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසයි.
