Home > Articles posted by Admin (Page 287)
FEATURE
on Aug 16, 2021
291 views 0 secs

බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන්මැ ලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු වෙනුවට පත්කරන්නේ කවුරුද යන්න මෙතෙක් සඳහන් වී නොමැති අතර ඒ හේතුවෙන් රටතුළ දේශපාලන අස්ථාවර බවක් ඇතිවෙතැයි විදෙස් මාධ්‍ය පවසයි. මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ඔහු වෙයි.

FEATURE
on Aug 16, 2021
269 views 0 secs

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනාගෙන තිබේ. එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.

FEATURE
on Aug 16, 2021
332 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විශය පතයන් සංශෝධනය කොට තිබේ. ඒ අනුව නව අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (16) දිවුරුම් දුන්නේය. ඒ අනුවඅධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්,විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්,සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන ඇමතිනිය ලෙසත්,ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය […]

FEATURE
on Aug 16, 2021
274 views 0 secs

රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් පසුගියදා ඇතිවූ භූ කම්පනයකින් හයිටි රාජ්‍යයේ නිවාස, දේවස්ථාන, පාසල් සහ ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි. මේ වන විට ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,297 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර 5,700ක් පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් හයිටි අග්‍රාමාත්‍යවරයා විසින් […]

FEATURE
on Aug 16, 2021
252 views 0 secs

මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත තවත් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා ද යොමුකර ඇත. මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා විරෝධතාවයක් අතරතුර අනතුරකට ලක්වීම හේතුවෙන් මේ වනවිට රෝහල්ගතව පසුවන අතර ඒ හේතුවෙන් පොලිස් ස්ථානයට වැඩබලන ස්ථානාධිපතිවරයෙකු පත්කර […]

FEATURE
on Aug 16, 2021
275 views 0 secs

මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.

FEATURE
on Aug 15, 2021
276 views 0 secs

හෙට (16) රාත්‍රී 10.00 සිට පසු දින (17) අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.

FEATURE
on Aug 15, 2021
272 views 1 sec

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස 2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ. එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැත. අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ […]

FEATURE
on Aug 13, 2021
286 views 0 secs

අද (13) රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ. පෙරහර මංගල්‍යය අද දිනයේ සිට එළඹෙන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

FEATURE
on Aug 11, 2021
337 views 0 secs

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීති පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.