Home > Articles posted by Admin (Page 289)
FEATURE
on Aug 2, 2021
219 views 0 secs

ඊයේ (01) කොවිඩ් මරණ 63ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Aug 2, 2021
271 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (‍යොශිහිඩෙ Sඋගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගයක් ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා (ජූලි 31) මෙරටට රැගෙනවිත් තිබුණු අතර එම එන්නත් තොගය අද (02) පෙරවරුවේ […]

FEATURE
on Aug 2, 2021
263 views 0 secs

හෙට (03) පැය 24ක කාලයක් වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ […]

FEATURE
on Jul 30, 2021
307 views 0 secs

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් හදිසි ජලගැලීම් තත්ත්වය සමඟ මඩ සහ සුන්බුන් අතර සිරවී පුද්ගලයින් 60කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ. ජල ගැලීමේන් බලපැමට ලක්වු ප්‍රදේශ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර මියගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. විපතට පත්වුවන් මුදාගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට ඇතුළුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති […]

FEATURE
on Jul 30, 2021
244 views 0 secs

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර, නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩ ගෙන තිබේ. මෙම පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට […]

FEATURE
on Jul 26, 2021
229 views 0 secs

ටියුනීසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ අහමඩ් හෆ්නාඔයි පිරිමි මීටර් 400 නිදහස් ආර තරඟය විනාඩි 3 තත්පර 43.36කින් නිම කරමින් එම තරඟයේ පළමුවැනියා බවට පත් විණි.. මෙය මෙතෙක් ටියුනීසියාව ජයගෙන ඇති 5 වැනි ඔලිම්පික් රන් පදක්කම වන අතර පිහිනුම්වලින් ජයගෙන ඇති තෙවැනි අවස්ථාව මෙය වේ.

FEATURE
on Jul 26, 2021
249 views 0 secs

බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

FEATURE
on Jul 26, 2021
264 views 0 secs

ජනප්‍රිය නිළියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂ ස්වර්ණමාලි අද (26) මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඇයගේ වාහනය මහනුවර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 18 හැවිරිදි පුද්ගලයෙකු තුවාල සහිතව පේරාදෙනිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් උපේක්ෂා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

FEATURE
on Jul 26, 2021
264 views 0 secs

අද (26) උදෑසන 6 සිට කෑගල්ල, රත්නපුර, ගාල්ල, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවැති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

FEATURE
on Jul 26, 2021
233 views 0 secs

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් මෙරටට රැගෙනවිත් තිබේ.