Home > Articles posted by Admin (Page 286)
FEATURE
on Aug 20, 2021
296 views 0 secs

අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු 30 දක්වා රට වසා තැබෙන බවසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

FEATURE
on Aug 20, 2021
318 views 1 sec

අංගොඩ ප්‍රතිශක්ති විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය A. විජේවික්‍රම මහතා, රට තුළ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව පැවසීය. වෛරසය මුළුමනින්ම වසා දැමීමකට වඩා අවම ක්‍රියාමාර්ගයකින් පාලනය කළ හැකි බව ඔහු සඳහන් කර ඇත. පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවල අගුලු දැමීමක් සිදු වුවද සමහර සංවිධාන තවමත් සුපුරුදු පරිදි ක්රියාත්මක […]

FEATURE
on Aug 19, 2021
302 views 0 secs

සඳුදා (23) සිට බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ යන අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු. 10කින් ඉහල යනු ඇත.

FEATURE
on Aug 19, 2021
298 views 0 secs

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ. එමෙන්ම කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු […]

FEATURE
on Aug 18, 2021
287 views 0 secs

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 316,528ක් දක්වා ඉහළ ගොස් තිබේ

FEATURE
on Aug 18, 2021
339 views 0 secs

රට තුළ පවතින අහිතකර කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී කොටුව, කොළඹ 2 වන හරස් වීදියේ ව්‍යාපාර වල හිමිකරුවන් තම වාණිජ මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව ප්‍රදේශයට ඇතුළු වන හෙයින් 2 වන හරස් වීදියේ කොවිඩ් අවදානම ඉහළ මට්ටමක පවතින බව වෙළෙඳුන් සඳහන් කර තිබුණි.

FEATURE
on Aug 18, 2021
335 views 0 secs

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අසාධ්‍ය රෝගීන් සඳහා සඳහා ඔක්සිජන් සැපයුම තහවුරු කිරීමට රජය විසින් මීට පෙර ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කර ගබඩා කිරීමට පියවර ගැනුණි.

FEATURE
on Aug 17, 2021
284 views 0 secs

ඔක්තෝබර් මාසයේ සිට වයස අවුරුදු 18-30 අතර පුද්ගලයින්ට එන්නත් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. එමෙන්ම සැප්තැම්බර් අවසානය වන විට වයස අවුරුදු 30 ට වැඩි පිරිසගේ එන්නත් මාත්‍රාවන් දෙකම සම්පූර්ණ කිරීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

FEATURE
on Aug 17, 2021
312 views 0 secs

නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගුරුවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටියා. නව අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මුණගැසී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබෙනවා.

FEATURE
on Aug 16, 2021
289 views 0 secs

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414 බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ වන විට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම ඊයේ (15) දින කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් […]