Home > Articles posted by Admin (Page 283)
FEATURE
on Aug 30, 2021
307 views 0 secs

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එය සංවිධානය කරන ලද බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදුකෙරිණි. වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ, කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ තබාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුවෙන බවද බස්නාහිර පළාත් […]

FEATURE
on Aug 30, 2021
302 views 1 sec

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී නව ලෝක වාර්තාවක් ද තබමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වී තිබේ. F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි. අද උදෑසන පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ආරම්භ වු අතර එහිදී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත […]

FEATURE
on Aug 29, 2021
331 views 0 secs

ඊයේ (28) දිනට කොවිඩ් මරණ 192 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු ලිරීමත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එමෙන්ම අද දිනයේ වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 4,612කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 426,169ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Aug 29, 2021
317 views 0 secs

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී රථ වාහන 73ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 61,006 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

FEATURE
on Aug 28, 2021
285 views 0 secs

ඊයේ (27) දිනට කොවිඩ් මරණ 212ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 212ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එමෙන්ම අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 4,582ක් හඳුනා ගැනීමත් සමඟ් මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 421,557ක් දක්වා ඉහළගොස් තිබේ. අද දිනය තුළ ආසාදිතව […]

FEATURE
on Aug 27, 2021
297 views 0 secs

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්හි කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. තවද, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ සේවයට වාර්තා කිරීමට අවශ්‍ය අයට අවසර දෙන බව එතුමා සඳහන් කළේය.

FEATURE
on Aug 27, 2021
275 views 0 secs

රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 අළුයම 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසීය.

FEATURE
on Aug 27, 2021
328 views 0 secs

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

FEATURE
on Aug 27, 2021
288 views 0 secs

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 18ක් වන බව කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

FEATURE
on Aug 27, 2021
400 views 0 secs

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත්කරමින්, 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සඳහන් කළා. අදාළ විභාග සදහා අයඳුම්පත් භාරගැනීමේ කාලසීමාව පසුගිය 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි. 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා […]