නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්හි කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. තවද, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ සේවයට වාර්තා කිරීමට අවශ්‍ය අයට අවසර දෙන බව එතුමා සඳහන් කළේය.
රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 අළුයම 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසීය.
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 18ක් වන බව කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත්කරමින්, 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සඳහන් කළා. අදාළ විභාග සදහා අයඳුම්පත් භාරගැනීමේ කාලසීමාව පසුගිය 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි. 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා […]
තමා සමග කටයුතු කළ පිරිසක කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගැනීමත් සමඟ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටි.
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලක්ෂ 3 ක සයිනෆෝම් එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අද දිනයේ (24) කොවිඩ් -19 වෛරසය ආසාදනය සමස්ත ආසාදිතයින් ගණන 4,427කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස් තිබේ.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වැඩි දියුණුවක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වූ අතර එම උළලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9කි. ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,537 දෙනෙක් සහභාගීවීමට නියමිතය අතර එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 540කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 2016 රියෝ පැරාලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් […]
