Home > Articles posted by Admin (Page 282)
FEATURE
on Sep 2, 2021
301 views 0 secs

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලබන මාස 02 තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට නියමිත බව පවසයි. මේ වන විට මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද එතුමා සඳහන් කළේය.

FEATURE
on Aug 31, 2021
346 views 0 secs

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,221කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 440,302ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,164ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 374,156ක් විය.

FEATURE
on Aug 31, 2021
323 views 0 secs

ඊයේ (30) දින තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළගොස් ඇත.

FEATURE
on Aug 31, 2021
473 views 0 secs

පින්නවල අලි අනාථාගාරයේදී සුරංගි නම් කෙණර අද (31) අලුයම නිවුන් අලි පැටවුන් බිහිකර ඇති අතර මෙම සත්ත්වයින් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වාර්තා වන්නේ. මෙසේ නිවුන් අලි පැටවුන් බිහි වීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූවක් බවද වාර්තා වේ.

FEATURE
on Aug 31, 2021
384 views 0 secs

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාර්තු 16 වනදා අත්අඩංගුවට ගනු ලැබූ අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ

FEATURE
on Aug 31, 2021
318 views 0 secs

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා. සති දෙකකට රට වහන්න කියලා කිව්වේ බීජ ඖෂධ සමය සති දෙකක් යන නිසයි සංචරණ සීමා ඇති කළ මුල් කාලයේ රෝගීන් වැඩි වුණා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිසා වැඩි වීමක් දක්නට ලැබෙනවා අන්තර්පුද්ගල සම්බන්ධතා සීමා නොකළහොත් පලක් වන්නේ නැහැ යම් මොහොතක […]

FEATURE
on Aug 31, 2021
345 views 0 secs

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින්ත වත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ. එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත. පසුව එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය […]

FEATURE
on Aug 31, 2021
337 views 0 secs

ඊයේ (30) මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 571,589කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. එය දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ලෙස වාර්තා වේ. එහිදී සයිනොෆාම් එන්නත් මාත්‍රා 536,438ක්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 12,604ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 20,873ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 1,674ක් වශයෙන් ලබාදී තිබේ.

FEATURE
on Aug 31, 2021
366 views 1 sec

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. වැටුප් විෂමතාවට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව ගුරු-විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයට අදට දින 50ක් ගතවේ. ගැටලුවට විසඳුමක් නොමැති පසුබිමක ගුරු-විදුහල්පති සංගම් සමග සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට පසුගිය […]

FEATURE
on Aug 30, 2021
350 views 0 secs

අද (30) දිනයේ සිට ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඒ අනුව ලබන බදාදා සිට සතොස සහ සමුපකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.