Home > Articles posted by Admin (Page 280)
FEATURE
on Sep 7, 2021
319 views 0 secs

ඉකුත් 01වනදා සිට 05 වනදා දක්වා ප්‍රමාද වී තිබු ආසාදිතයින් ගණන 2,950 දෙනෙකු බවට වාර්තා අද (07) ලැබීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පුද්ගලයින් 468,899ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතවී ප්‍රතිකාර ලබමින් පසුවන රෝගීන් සංඛ්‍යාව 72,070 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

FEATURE
on Sep 7, 2021
341 views 0 secs

අද (07) පෙරවරු පෙරවරු 10.38ට පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 2.4ක පමණ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළා.

FEATURE
on Sep 7, 2021
332 views 0 secs

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර විභාගය පැවැත්වෙන දින, ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත අප කළ විමසීමකදී සඳහන් කළා.

FEATURE
on Sep 7, 2021
543 views 0 secs

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද (7) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

FEATURE
on Sep 7, 2021
342 views 0 secs

අද (07) බස්නාහිර පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථාන 110 කදී, 20-30 අතර වයස් කාණ්ඩයේ බස්නාහිර පළාතේ පදිංචි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සිදුකෙරෙනවා. නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා. එන්නත්කරණ මධ්‍යස්ථාන පහතින්,

FEATURE
on Sep 7, 2021
394 views 0 secs

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. පවතින කොවිඩ් -19 තත්ත්වය හමුවේ සැප්තැම්බර් මාසයේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. පෙ.ව 10.00ට සිට පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද, පෙ.ව […]

FEATURE
on Sep 6, 2021
364 views 0 secs

86 වන වියෙහි පසු වූ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ අද (06) කොළඹ ‌පුද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

FEATURE
on Sep 6, 2021
307 views 0 secs

ඊයේ (05) දිනට තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා ඉහළගොස් ඇත. එම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අයත් බවට වාර්තා වේ.

FEATURE
on Sep 6, 2021
311 views 0 secs

අද (06) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ..

FEATURE
on Sep 6, 2021
325 views 0 secs

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 68 වන වියේ වූ ඔහු මීට පෙර කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවවීමත් සමඟ පසුගිය දා යළි තම නිවෙසට පැමිණ තිබුණා.