Home > Articles posted by Admin (Page 277)
FEATURE
on Sep 12, 2021
406 views 0 secs

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදිතරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි. යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක එම තරුණිය ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

FEATURE
on Sep 11, 2021
350 views 0 secs

ඊයේ (10) දිනට කොවිඩ් මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

FEATURE
on Sep 11, 2021
334 views 0 secs

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ. ඒ අනුව, ලබන සතියේ දී ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

FEATURE
on Sep 11, 2021
348 views 0 secs

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.. බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බවයි හිටපු ජනාධිපතිනිය සිය […]

FEATURE
on Sep 10, 2021
312 views 1 sec

G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා මෙරට අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ බොලොඤ්ඤා නුවරට ළඟා වූ බව වාර්තා වේ. අනිද්දා (12) G20 අන්තර් ආගමික සමුළුව ආරම්භ වීමට නියමිත අතර එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශණය පවත්වීමට ලැබුණු ආරාධනාවක් මත එතුමා මෙම සංචාරයට එක්ව සිටී..

FEATURE
on Sep 10, 2021
306 views 0 secs

තවත් කොවිඩ් මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (09) දින සිදු වු බවට තහවුරු කළ මෙම මරණ 131ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832ක් වන අතර මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ. තවද […]

FEATURE
on Sep 10, 2021
318 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ලබන 14 වනදා සිය ධූරයෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.

FEATURE
on Sep 10, 2021
356 views 0 secs

දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

FEATURE
on Sep 10, 2021
381 views 0 secs

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

FEATURE
on Sep 9, 2021
441 views 0 secs

ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පළතුරු, වායුසමීකරණ, බීම සහ ආලේපන වැනි අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.