වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙසත්, එය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කළා.වයස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බව මේ වන විට නිර්දේශ කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය […]
අද (09) සහ හෙට (10) දෙදින තුළ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් විවෘතකිරීමට තීරණය කර තිබේ. නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන වරින් වර විවෘතකිරීමට පියවර ගෙන තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති හා කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කොcඉඩ්-19 රෝගය ආසාදනය වී ඇති බව අද (09) පුවත්පත් වාර්තා කරනවා.
අද (08) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.
වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. පොලීසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් කැබ් රථයක් යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන්ගත් කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 […]
අද (07) අලුයම ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර […]
ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වීමට නියමිතය. සැප්තැම්බර් 06 වැනි සඳුදින පැවති සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍යතුමා මෙම සැලසුම් කරන ලද සංචාරයේ පරමාර්ථය පිළිබඳව පැහැදිලිව විස්තර කළේය. යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ […]
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,917කි. ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ.. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474,780ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (07) දිනට තවත් කොවිඩ් මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 185ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ […]
පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ සීනි ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ සීනි ගබඩාව මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) පියවර ගෙන ඇත. එම ආයතනය රජයේ ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම හේතුවෙන් එලෙම මුද්‍රා තබා ඇති බව වාර්තා විය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම කර තිබුණද, රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් විභාග කල් දැමීමට හැකියාවක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. 2021 වර්ෂය සඳහා වූ සා/පෙළ විභාග 2022 පෙබරවාරි 21 සිට මාර්තු 3 දක්වාද, උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාද පැවැත්වීමට […]
