අද දිනයේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,641කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 485,921ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,296 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උතුරු ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට, අමෙරිකානු හමුදාව ඉලක්ක කරමින් පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා 3ක් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මෙම ප්‍රහාර හේතුවෙන් අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදු වුවද, ඉන් ගුවන්තොටුපොළේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති අතර ෂියා මුස්ලිම් […]
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් ප්‍රමාද වුව ද විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.බිල්පත් ගෙවීමට හැකියාව සහිත පිරිස් පවා ගෙවීම් සිදු නොකරන බවත්, එවන් අය ප්‍රමාදයකින් තොරව බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.
රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්නපුර, මල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5ක් වයසැති පිරිමි දරුවෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවාගේ අවසන් කටයුතු ඊයේ (11) රාත්‍රීයේ රත්නපුර ආදාහනාගාරයේදී සිදුකරනු ලැබුවේ ය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 ජාත්‍යන්තර තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එහි කාසියේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.
හම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ මැග්නිටියුඩ් ඒකක 4.1 භූ චලනයක් සිදුව ථිබෙන අතර භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කළේ ඉන් සුනාමි අවදානමක් නොමැති බවයි .
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරා ගත් සංචාරක සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලදී මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පමණක් මෙම ක්‍රමවේදය බලපැවැත්වෙන බවයි ඔහු […]
පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.
ලබන සතිය තුළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානෝ ඊයේ (11) නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ ශූරතාවය හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යය මෙසේ ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් හිමිකරගෙන තිබෙන්නේ වසර 44කට පසුවයි.. එහිදී එමා රෙඩුකානෝ විසින් කැනඩාව නියෝජනය කළ 19 හැවිරිදි ලෙයිලා ෆර්නැන්ඩස් පරාජයට පත්කර ඇත. එමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ එලිසෙබත් රැජිණ ද සිය සුබ […]
