Home > Articles posted by Admin (Page 275)
FEATURE
on Sep 13, 2021
471 views 0 secs

බලංගොඩ වෙලේකුඹුර මැදකන්ද වත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.ලැයිම් කාමර පේළියක නිවසක බිත්තියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කල.. ආදළ පුද්ගලයා ඒ පිළිබඳ විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

FEATURE
on Sep 13, 2021
523 views 0 secs

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් පහකර තිබේ. නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

FEATURE
on Sep 13, 2021
293 views 0 secs

මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සඳහා තමන් අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා ප්‍රකාශ කළ අතර එට්තුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ. මේ අතර මන්ත්‍රී කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත්කිරීමට පොදුජන […]

FEATURE
on Sep 13, 2021
470 views 0 secs

බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ පදිංචි ඉකුත් 5වැනිදා උපත ලැබූ දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා වේ. බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගැනීමත් සමඟ බිළිඳාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් මියගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

FEATURE
on Sep 13, 2021
497 views 0 secs

කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන මෙම කාල වකවානුව තුළ වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවත්, ඊට හේතුව මෙරට නායකත්වයේ හිතුවක්කාරී, අදූරදර්ශී වගකීම් විරහිත පාලනය බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා. ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයමින් සිටින බවත් රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන්ට […]

FEATURE
on Sep 13, 2021
491 views 0 secs

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇති අතර ගුරු විදුහල්පති ගැටලු සඳහා විසඳුම් ලැබෙන තෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා. එසේ නමුත් දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ […]

FEATURE
on Sep 13, 2021
273 views 0 secs

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතයි.

FEATURE
on Sep 13, 2021
448 views 0 secs

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් අද (13) ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

FEATURE
on Sep 12, 2021
514 views 0 secs

බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට හා ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්ත වේ. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

FEATURE
on Sep 12, 2021
311 views 0 secs

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන 2වැනි T20 තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 103ක් පමණි. කුසල් පෙරේරා ලකුණු 30ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශම්ෂි සහ මාක්‍රම් කඩුලු 3 බැගින් දවාගත්හ.