Home > Articles posted by Admin (Page 275)
FEATURE
on Sep 13, 2021
424 views 0 secs

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇති අතර ගුරු විදුහල්පති ගැටලු සඳහා විසඳුම් ලැබෙන තෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා. එසේ නමුත් දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ […]

FEATURE
on Sep 13, 2021
212 views 0 secs

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතයි.

FEATURE
on Sep 13, 2021
390 views 0 secs

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් අද (13) ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

FEATURE
on Sep 12, 2021
459 views 0 secs

බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට හා ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්ත වේ. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

FEATURE
on Sep 12, 2021
246 views 0 secs

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන 2වැනි T20 තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 103ක් පමණි. කුසල් පෙරේරා ලකුණු 30ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශම්ෂි සහ මාක්‍රම් කඩුලු 3 බැගින් දවාගත්හ.

FEATURE
on Sep 12, 2021
216 views 0 secs

අද දිනයේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,641කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 485,921ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,296 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

FEATURE
on Sep 12, 2021
242 views 0 secs

උතුරු ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට, අමෙරිකානු හමුදාව ඉලක්ක කරමින් පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා 3ක් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මෙම ප්‍රහාර හේතුවෙන් අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදු වුවද, ඉන් ගුවන්තොටුපොළේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති අතර ෂියා මුස්ලිම් […]

FEATURE
on Sep 12, 2021
494 views 0 secs

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් ප්‍රමාද වුව ද විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.බිල්පත් ගෙවීමට හැකියාව සහිත පිරිස් පවා ගෙවීම් සිදු නොකරන බවත්, එවන් අය ප්‍රමාදයකින් තොරව බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

FEATURE
on Sep 12, 2021
445 views 0 secs

රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්නපුර, මල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5ක් වයසැති පිරිමි දරුවෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවාගේ අවසන් කටයුතු ඊයේ (11) රාත්‍රීයේ රත්නපුර ආදාහනාගාරයේදී සිදුකරනු ලැබුවේ ය.

FEATURE
on Sep 12, 2021
241 views 0 secs

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 ජාත්‍යන්තර තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එහි කාසියේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.