Home > Articles posted by Admin (Page 288)
FEATURE
on Aug 11, 2021
379 views 0 secs

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පසුගිය බ්‍රහස්පතින්දා සිට වසාදැමුණූ අතර එම ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් අනතුරුව එම නගරය සඳහා සංචරණ සීමා පැනවූ 06 වන අවස්ථාව මෙය වේ. ගත වූ දිනය තුළ ද මෙල්බන් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩෙල්ටා ආසාදිතයින් 20 දෙනෙකු […]

FEATURE
on Aug 11, 2021
342 views 0 secs

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ. අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය.

FEATURE
on Aug 9, 2021
324 views 0 secs

අද අලුයම 02.15 ට පමණ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

FEATURE
on Aug 8, 2021
344 views 0 secs

තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත.

FEATURE
on Aug 7, 2021
337 views 0 secs

කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අන්තර් පළාත් සංචාරණ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම රජයේ සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසයි.

FEATURE
on Aug 7, 2021
335 views 0 secs

ගල්ගමුවේ නිවසක් තුළ තිබී 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 28 හැවිරිදි කාන්තාවක් සහ 10 හැවිරිදි පිරිමි ළමයෙක්ගේ මළ සිරුරු තුනක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.

FEATURE
on Aug 6, 2021
358 views 0 secs

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස දැඩි මතධාරියෙක් ලෙස ප්‍රකට ඊබ්‍රහිම් රයිසි දිවුරුම් දී තිබේ. ඔහුගේ පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්‍රතිපත්තියේ සැලකියයුතු වෙනසක් ඇතිවෙතැයි ජාත්‍යන්තර දේශපාලනය ගැන අදහස් දක්වන විශේෂඥයෝ පවසති. ඕනෑම වැදගත් කාරණාවකදී අවසාන තීරණය ගනු ලබන්නේ ඉරානයේ තීරණ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතුල්ලා අල් කමේනි විසිනි. නව ජනාධිපතිවරයා ද ඔහු ට පක්ෂපාතී පුද්ගලයෙක් ලෙස වාර්තා […]

FEATURE
on Aug 6, 2021
312 views 0 secs

පවතින කොවිඩ් තත්ත්වය සලකා අද (06) මධ්‍යම රාත්‍රියේ බලපැවැත්වෙන පරිදි විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ. ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි. උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ […]

FEATURE
on Aug 6, 2021
327 views 0 secs

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, කොවිඩ් ආසාදිතයින් බවට බවට හඳුනාගෙන තිබේ.

FEATURE
on Aug 6, 2021
361 views 0 secs

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවය.