Home > Articles posted by Admin (Page 290)
FEATURE
on Jul 26, 2021
324 views 0 secs

ටියුනීසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ අහමඩ් හෆ්නාඔයි පිරිමි මීටර් 400 නිදහස් ආර තරඟය විනාඩි 3 තත්පර 43.36කින් නිම කරමින් එම තරඟයේ පළමුවැනියා බවට පත් විණි.. මෙය මෙතෙක් ටියුනීසියාව ජයගෙන ඇති 5 වැනි ඔලිම්පික් රන් පදක්කම වන අතර පිහිනුම්වලින් ජයගෙන ඇති තෙවැනි අවස්ථාව මෙය වේ.

FEATURE
on Jul 26, 2021
348 views 0 secs

බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

FEATURE
on Jul 26, 2021
355 views 0 secs

ජනප්‍රිය නිළියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂ ස්වර්ණමාලි අද (26) මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඇයගේ වාහනය මහනුවර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 18 හැවිරිදි පුද්ගලයෙකු තුවාල සහිතව පේරාදෙනිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් උපේක්ෂා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

FEATURE
on Jul 26, 2021
357 views 0 secs

අද (26) උදෑසන 6 සිට කෑගල්ල, රත්නපුර, ගාල්ල, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවැති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

FEATURE
on Jul 26, 2021
323 views 0 secs

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් මෙරටට රැගෙනවිත් තිබේ.

FEATURE
on Jul 25, 2021
355 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීම් තුවාල ලබා පසුගිය දා මියගිය දැරියගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනය පහතින්,

FEATURE
on Jul 25, 2021
419 views 0 secs

බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට එන්නත් ලබාදී අවසන් කර ඉන් අනතුරුව රට විවෘත කරන බව සඳහන් කළා.

FEATURE
on Jul 24, 2021
334 views 0 secs

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කිරුළපන පොලීසියට අධිකරණය අවසර ලබාදී තිබේ. එහිදී අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලීසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද […]

FEATURE
on Jul 24, 2021
455 views 0 secs

ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරතරඟකාරීයක සහභාගී වු පළමු තරඟය අද පැවැතවුණ අතර මීටර් 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල ඉදිරිපත් වුණා එහිදී ඇයට හිමි වූයේ 49 වන ස්ථානයයි.

FEATURE
on Jul 23, 2021
338 views 0 secs

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, දැරිය රැගෙන ආ තැරැව්කරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ප්‍රකාශ කළා.