Home > Articles posted by Admin (Page 292)
FEATURE
on Jul 14, 2021
283 views 0 secs

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව කල්දමා ඇති බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රිකට් කමිටු සාමාජිකයින් එම හමුවට එක්වීමට නියමිතව තිබූණි.

FEATURE
on Jul 14, 2021
267 views 0 secs

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද අවස්ථාවේදී, මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට පහරදීමක් සිදුකර ඇත. පසුව දෙහිවල පොලීසිය විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 20 සහ 27 වයස්වල පසුවන්නන් බවට වාර්තා වේ.

FEATURE
on Jul 14, 2021
340 views 0 secs

රිය අනතුරුවලින් සිදුවූ මරණ 10ක් පමණ ඊයේ (13) දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් මරණ 7ක් සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන් අනතුරට ලක්වීමෙන් වන අතර අනෙක් මරණ 3ට ගොදුරු වී ඇත්තේ පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා. රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බවත් […]

FEATURE
on Jul 13, 2021
202 views 0 secs

අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1,404කි. ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 277,510ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Jul 12, 2021
254 views 0 secs

2020 යුරෝපා පාපන්දු අවසන් මහා තරඟය එංගලන්තයේ වෙබ්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (11) රාත්‍රීයේ පැවැති අතර ඉතාලිය කුසලානය දිනාගැනීමට සමත්විය තරඟයේ නියමිත කාලය තුළ කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබාගැනීම හේතුවෙන් දඬුවම් පහර මඟින් ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවිය. ඒ අනුව ඉතාලිය ගෝල තුනට දෙකක් ලෙස ජය අත්කර ගත්තේය. ඉතාලිය යුරෝපා කුසලාන පාපන්දු කුසලාන තරඟාවලියක් ජයගත් දෙවන අවස්ථාව […]

FEATURE
on Jul 12, 2021
287 views 0 secs

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල පුද්ගලයන් 60 දෙනෙකු පමණ, අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අකුණූසැර වැදිම් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ඉන් මරණ 41ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ මරණවලින් 11ක්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අකුණුසැර වැදීමෙන් වූ මරණ ලෙස වාර්තා වී තිබුණි. අකුණු සැරට […]

FEATURE
on Jul 12, 2021
354 views 0 secs

එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඉලක්කයක්ව තිබූ අභ්‍යවකාශයේ අද්දරට පියාසර කිරීම සාර්ථකව සපුරා ගැනීමට සමත් වී තිබෙනවා. ඔහුගේ රොකට් යානය පැය එකහාමාරක මෙහෙයුමක් සඳහා පිටත්ව ගිය අතර එහිදී පෘථිවියේ ක්ෂිතජය හරහා වක්‍රාකාරව ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු පවසන්නේ පාර්භෝගිකයන්ට මේ අත්දැකීම ලබා ගැනීමට පෙර තමන්ට […]

FEATURE
on Jul 12, 2021
245 views 0 secs

අද (12) දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (11) සිදු වූ ඒවා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Jul 12, 2021
276 views 0 secs

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අදාළ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඊට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර , ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා.

FEATURE
on Jul 12, 2021
223 views 0 secs

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අද (12) සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම දැඩි ලෙස අනුගමනය කරමින්, බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර 103ක් දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ව සඳහන් කරයි. ඒ අනුව අද දින ධාවනය වන දුම්රිය ගමන්වාර පහතින් දැක්වේ. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 36ක්මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 42ක්පුත්තලම් මාර්ගයේ දුම්රිය 9ක්කැලණිවැලි මාර්ගයේ දුම්රිය 10ක් අද සවස පවත්වන […]