Home > Articles posted by Admin (Page 292)
FEATURE
on Jul 18, 2021
1787 views 0 secs

දෙහිවල සත්වෝද්‍යානයෙන් ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව විමලවීර දිසානායක මහතා පැවසීය. පසුගිය දා දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන එන ලද “තෝර්” නැමති සිංහයා ට කොවිඩ් […]

FEATURE
on Jul 16, 2021
337 views 0 secs

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි 16 හැවිරිදි දැරියක් පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර එම දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දින මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

FEATURE
on Jul 16, 2021
313 views 0 secs

අමෙරිකාවේ නිෂ්පාදනයක් වන මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (16) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් ” පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. ඒ අනුව මොඩර්නා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු අවස්ථාව මෙය වෙයි.

FEATURE
on Jul 15, 2021
313 views 0 secs

දින 10ක් පුරා පැවති ඉක්කා වැටීමේ තත්ත්වයක් හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝහල්ගත කර තිබේ. ඊයේ දිනයේ ඔහු බ්‍රසීලියාහි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර, පසුව වෙනත් රෝහලකට මාරුකර යවා තිබේ. ජනාධිපතිවරයා හට ඉදිරියේ දී ශල්‍යකර්මයක් සිදුකිරීමට ද ඉඩකඩ පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

FEATURE
on Jul 14, 2021
350 views 0 secs

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා ව සිරගත කිරීමට එරෙහිව එරට පුරා විරෝධතා රැල්ලක් පැතිරයමින් පවතින අතර ඒ හේතුවෙන් මේවන විට 70කට අධික පිරිසක් මරණයට පත්ව ඇතිබව විදෙස් මාධ්‍ය පැවසීය. විරෝධතා අතරතුර සමහර පුද්ගලයින් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලිවලට ගිනි තබමින් විනාශකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වේ. මේ අතර […]

FEATURE
on Jul 14, 2021
340 views 0 secs

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව කල්දමා ඇති බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රිකට් කමිටු සාමාජිකයින් එම හමුවට එක්වීමට නියමිතව තිබූණි.

FEATURE
on Jul 14, 2021
330 views 0 secs

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද අවස්ථාවේදී, මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට පහරදීමක් සිදුකර ඇත. පසුව දෙහිවල පොලීසිය විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 20 සහ 27 වයස්වල පසුවන්නන් බවට වාර්තා වේ.

FEATURE
on Jul 14, 2021
402 views 0 secs

රිය අනතුරුවලින් සිදුවූ මරණ 10ක් පමණ ඊයේ (13) දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් මරණ 7ක් සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන් අනතුරට ලක්වීමෙන් වන අතර අනෙක් මරණ 3ට ගොදුරු වී ඇත්තේ පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා. රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බවත් […]

FEATURE
on Jul 13, 2021
256 views 0 secs

අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1,404කි. ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 277,510ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Jul 12, 2021
324 views 0 secs

2020 යුරෝපා පාපන්දු අවසන් මහා තරඟය එංගලන්තයේ වෙබ්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (11) රාත්‍රීයේ පැවැති අතර ඉතාලිය කුසලානය දිනාගැනීමට සමත්විය තරඟයේ නියමිත කාලය තුළ කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබාගැනීම හේතුවෙන් දඬුවම් පහර මඟින් ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවිය. ඒ අනුව ඉතාලිය ගෝල තුනට දෙකක් ලෙස ජය අත්කර ගත්තේය. ඉතාලිය යුරෝපා කුසලාන පාපන්දු කුසලාන තරඟාවලියක් ජයගත් දෙවන අවස්ථාව […]