Home > Articles posted by Admin (Page 293)
FEATURE
on Jul 12, 2021
407 views 0 secs

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල පුද්ගලයන් 60 දෙනෙකු පමණ, අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අකුණූසැර වැදිම් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ඉන් මරණ 41ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ මරණවලින් 11ක්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අකුණුසැර වැදීමෙන් වූ මරණ ලෙස වාර්තා වී තිබුණි. අකුණු සැරට […]

FEATURE
on Jul 12, 2021
459 views 0 secs

එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඉලක්කයක්ව තිබූ අභ්‍යවකාශයේ අද්දරට පියාසර කිරීම සාර්ථකව සපුරා ගැනීමට සමත් වී තිබෙනවා. ඔහුගේ රොකට් යානය පැය එකහාමාරක මෙහෙයුමක් සඳහා පිටත්ව ගිය අතර එහිදී පෘථිවියේ ක්ෂිතජය හරහා වක්‍රාකාරව ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු පවසන්නේ පාර්භෝගිකයන්ට මේ අත්දැකීම ලබා ගැනීමට පෙර තමන්ට […]

FEATURE
on Jul 12, 2021
336 views 0 secs

අද (12) දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (11) සිදු වූ ඒවා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Jul 12, 2021
381 views 0 secs

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අදාළ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඊට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර , ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා.

FEATURE
on Jul 12, 2021
316 views 0 secs

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අද (12) සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම දැඩි ලෙස අනුගමනය කරමින්, බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර 103ක් දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ව සඳහන් කරයි. ඒ අනුව අද දින ධාවනය වන දුම්රිය ගමන්වාර පහතින් දැක්වේ. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 36ක්මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 42ක්පුත්තලම් මාර්ගයේ දුම්රිය 9ක්කැලණිවැලි මාර්ගයේ දුම්රිය 10ක් අද සවස පවත්වන […]

FEATURE
on Jul 11, 2021
345 views 0 secs

අද (11) දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,492 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

FEATURE
on Jul 11, 2021
333 views 0 secs

අද (11) දිනය තුළ මෙරටින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ කොවිඩ් මරණ 35ක් වාර්තා වී තිබේ. එම මරණ ඊයේ (10) දිනයේ සිදුව ඇත. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Jul 11, 2021
323 views 0 secs

වෙනිසියුලාවේ, කැරකස්හි පොලීසිය සහ කල්ලි සාමාජිකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් කල්ලි සාමාජිකයින් 22දෙනෙකු සහ පොලිස් නිලධාරින් සිව්දෙනෙකු හා සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් තවත් 40දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. එහිදී පතොරම් 24,000ක් සහ ආයුධ තොගයක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ. ආරක්ෂක භටයින් 800ක් පමණ පීඩාවට පත් ප්‍රදේශවලට යොදවා ඇති අතර ඔවුන් නිවසින් […]

FEATURE
on Jul 11, 2021
404 views 0 secs

පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමට අයත් කරදියානවත්ත ගම්මානයට පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඉන් 71දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

FEATURE
on Jul 11, 2021
321 views 0 secs

ඊයේ (10) දහවල් නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කර සිදුකළ විමර්ශනවලින් අනතුරුව නවගමුව, බටේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 49ක් වු දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මුදල් රු 361,000 ක් හා රු 485,500 ක මුදලක් වංචා කළ බවට […]