10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු අනිවාර්යෙන්ම සිදුකරන බව පෙන්වා දී සිටියා. ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවද මෙහිදී ජනාධිපතිවරයා […]
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවට වතිකානය අනාවරණ කර තිබේ. 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙවුණු දින කිහිපය පුරා ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි අතර උන්වහන්සේගෙ සෞඛ්‍ය තත්වය බරපතල බව රෝහල් බලධාරීන් අනාවරණය කර සිටියා. ඒ හේතුවෙන් උන් […]
අද (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටි අතර ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණු අතර නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය […]
අද (19) අළුයම තඹුත්තේගම හා සේනාරත්නගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුරට පත් විමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ. තුවාලකරු රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් අතර සිද්ධිය සම්බන්ධව විමර්ශන ඇරඹූ තඹුත්තේගම පොලිසිය සඳහන් කලේ මරණකරු පිළිබඳව තොරතුරු මෙතෙක් අණාවරණය වී නැති බවයි. සිද්ධියෙන් මරණයට පත් පුද්ගලයා වයස අවුරුදු 65ක […]
පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමන එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය. අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කිලෝවක මිල රුපියල් […]
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබෙන අතර ඊට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය
2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා […]
හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙන අතර ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව මෙවර අයවැයෙන් පුද්ගලික අංශයේ වැටුප් ද වැඩි කර තිබේ. පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමට සේවායෝජකයන්ගේ සංගමය (Eම්ප්ලොයෙර්ස්’ ඇස්සොcඉඅටිඔන්) එකඟ වී ඇති බව වාර්තා වේ..
