Home > Articles posted by Admin (Page 54)
FEATURE
on Mar 4, 2025
191 views 0 secs

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් […]

FEATURE
on Mar 4, 2025
197 views 0 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ඊයේ (03) දිනයේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා […]

FEATURE
on Mar 3, 2025
199 views 0 secs

හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේදී ගින්නක් හටගෙන තිබෙන අතර ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක මතු වී තිබේ.

FEATURE
on Mar 3, 2025
195 views 0 secs

අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි ඉක්මනින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසයි.රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා. එමෙන්ම හෙට (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග […]

FEATURE
on Mar 3, 2025
202 views 1 sec

දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (ඇඓ) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමටද පියවර ගෙන ඇති බව වාර්තා […]

FEATURE
on Mar 1, 2025
212 views 1 sec

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ණ්Xඨ් සමුළුවේදී මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. “මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර ඇත්තෙමි.” යනුවෙන් මෙම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබේ.

FEATURE
on Mar 1, 2025
192 views 0 secs

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහාය.කෙසේ වෙතත් […]

FEATURE
on Mar 1, 2025
195 views 0 secs

පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, හාලි ඇළ, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරණාතොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධව විමසිලිමත්වන ලෙස අදාළ නිවේදනය නිකුත් […]

FEATURE
on Mar 1, 2025
194 views 0 secs

වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බව වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර සිටියා. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති අතර, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති […]

FEATURE
on Mar 1, 2025
207 views 0 secs

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 61 වැනි වියේ පසු වූ ඇය, කලක සිට රෝගාතුරුව සිටියා. ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ. මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේගෙදර සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යයන් ය.