Home > Articles posted by Admin (Page 52)
FEATURE
on Mar 11, 2025
120 views 5 secs

පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි අතර. විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ […]

FEATURE
on Mar 11, 2025
119 views 0 secs

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වර්ජනයක් ආරම්භ කර තිබේ. 32 හැවිරිදි වෛද්‍යවරියක් ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් අති අතර සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා […]

FEATURE
on Mar 11, 2025
120 views 0 secs

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් […]

FEATURE
on Mar 10, 2025
116 views 0 secs

තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 17 සහ 18 වැනි දින වර්ජනයකට එළැඹීමට නියමිතව තිබේ. තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවයි තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ. සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු […]

FEATURE
on Mar 10, 2025
117 views 0 secs

විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙනි. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර එම දුම්රිය ධාවන සැලැස්ම පහතින්.

FEATURE
on Mar 10, 2025
120 views 2 secs

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වනදා දැනුම් දී තිබූ අතර යම් හෙයකින්හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පවත්වන්නේ නම් […]

FEATURE
on Mar 5, 2025
113 views 0 secs

හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියටද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබූ අතර අද (5) පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස වර්ජනය […]

FEATURE
on Mar 5, 2025
97 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා […]

FEATURE
on Mar 5, 2025
99 views 0 secs

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේඔහුට එරෙහි නඩුව අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තහනම මෙලෙස ඉවත් කර තිබේ.ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මඟින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

FEATURE
on Mar 5, 2025
120 views 0 secs

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව වාර්තා වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙරට සංචාරයක නිරතවන ලෙස ආරාධනා කර තිබූ අතර මෙම සංචාරයේ දී ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.