Home > Articles posted by Admin (Page 52)
FEATURE
on Mar 17, 2025
126 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවතිණි. එහිදී මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බවත්, ශ්‍රී ලංකාව, ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක […]

FEATURE
on Mar 16, 2025
136 views 0 secs

හෙටින් (17) ආරම්භ වන 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය ආරම්භ වීමට පැය […]

FEATURE
on Mar 16, 2025
135 views 0 secs

අමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම ටොනේඩෝවෙන් කැන්සාස්, මිචිගන්, ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත රැසකටද හානි සිදුව ඇති අතර එහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී එම ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. මිසූරි ඇතුළු තවත් ප්‍රාන්ත 5ක නිවාස සහ ගොඩනැගිලි 170,000ක […]

FEATURE
on Mar 11, 2025
139 views 0 secs

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුන් අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්‍හ. මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇති අටහ්‍ර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට […]

FEATURE
on Mar 11, 2025
158 views 0 secs

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ලිංගික වදහිංසා වලට ලක් වූ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් අදාළ වෙද්‍යවරියගේ කිසිඳු ‍පෞද්ගලික තොරතුරක් කිසිඳු විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයක් තුළ ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලීමක් කර තිබේ. අමාත්‍යවරයා තම x ගිණුමෙහි සටහනක් තබමින් මෙම ඉල්ලිම කර තිබේ.

FEATURE
on Mar 11, 2025
138 views 5 secs

පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි අතර. විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ […]

FEATURE
on Mar 11, 2025
136 views 0 secs

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වර්ජනයක් ආරම්භ කර තිබේ. 32 හැවිරිදි වෛද්‍යවරියක් ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් අති අතර සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා […]

FEATURE
on Mar 11, 2025
143 views 0 secs

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් […]

FEATURE
on Mar 10, 2025
132 views 0 secs

තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 17 සහ 18 වැනි දින වර්ජනයකට එළැඹීමට නියමිතව තිබේ. තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවයි තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ. සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු […]

FEATURE
on Mar 10, 2025
135 views 0 secs

විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙනි. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර එම දුම්රිය ධාවන සැලැස්ම පහතින්.