Home > Articles posted by Admin (Page 53)
FEATURE
on Mar 5, 2025
115 views 0 secs

අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බවත්, අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අගමැතිවරිය මේ බව සඳහන් කලේ ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට […]

FEATURE
on Mar 5, 2025
141 views 0 secs

ජනපති අනුර කුමාර මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.පී.සේනාධීර මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා වෙත අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.‍

FEATURE
on Mar 5, 2025
110 views 4 secs

2024 (2025) අපොස සාමාන්‍ය පෙළ විභාගය 2025 මාර්තු 17 සිට 26 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කර සිටියා.පාසල් සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල් වෙත මේ වන විට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ නිවෙස් වෙත යවා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.ප්‍රවේශ පත්‍ර නොලැබුණු විභාග අපේක්ෂකයින්ට 2025 මාර්තු 07 වනදා දක්වා […]

FEATURE
on Mar 4, 2025
129 views 0 secs

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව එම සංගමය පවසයි. අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා ප්‍රකාශ කර සිටියේ.

FEATURE
on Mar 4, 2025
102 views 0 secs

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන්ගෙන් අයදුම්පත් භාරගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට අවසන් වන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ලබන 12 වැනිදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙසද, තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාර ගැනිමේ දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවද, එම […]

FEATURE
on Mar 4, 2025
101 views 0 secs

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් […]

FEATURE
on Mar 4, 2025
97 views 0 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ඊයේ (03) දිනයේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා […]

FEATURE
on Mar 3, 2025
101 views 0 secs

හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේදී ගින්නක් හටගෙන තිබෙන අතර ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක මතු වී තිබේ.

FEATURE
on Mar 3, 2025
103 views 0 secs

අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි ඉක්මනින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසයි.රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා. එමෙන්ම හෙට (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග […]

FEATURE
on Mar 3, 2025
96 views 1 sec

දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (ඇඓ) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමටද පියවර ගෙන ඇති බව වාර්තා […]