Home > Articles posted by Admin (Page 49)
FEATURE
on Apr 6, 2025
94 views 0 secs

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වන් අතර එම මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය.

FEATURE
on Apr 6, 2025
100 views 0 secs

මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක සහ කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබාදීම සඳහා රජයේ රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. මෙම පියවර මඟින් රෝගීභාවයට පත්වන පුරවැසියෙකුට වැඩිම සත්කාරය සහ පිළිගැනීම රෝහලෙන් ලබාදෙන අතර, රෝහල, පුරවැසියන්ට සුවපහසු, විශ්වාසදායක ස්ථානයක් ලෙස පරිවර්තනය වීමත් රජයේ […]

FEATURE
on Apr 6, 2025
100 views 1 sec

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නව චක්‍රලේඛයකින් සියලු රාජ්‍ය ආයතනවලින් විධිමත් සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කර තිබේ. මෙම චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර, එමඟින් ‘ත්‍රී-ආර්’ සංකල්පයට (අඩු කරන්න, නැවත භාවිත කරන්න, ප්‍රතිචක්‍රා කරන්න) අනුගත වීමේ […]

FEATURE
on Apr 6, 2025
98 views 0 secs

මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (06) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේය. උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතර තමන් […]

FEATURE
on Apr 3, 2025
134 views 0 secs

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වන අතර, ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ […]

FEATURE
on Apr 3, 2025
111 views 0 secs

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක බද්දක් පනවා තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. මෙම අනෝන්‍ය තීරුබදු පැනවීමඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කර තිබෙන අතර එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි […]

FEATURE
on Mar 28, 2025
111 views 0 secs

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය. මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳ […]

FEATURE
on Mar 24, 2025
135 views 1 sec

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ. ඒ ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙනි. ඒ අනුව,ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතා (Mර්. ර්‍එමි ළම්බෙර්ට්)පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් මහතා (Mර්.ඓහබ් ඓ.M. ඛ්හලිල්)නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි […]

FEATURE
on Mar 24, 2025
134 views 0 secs

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ. මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණලෙස කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී සිටියේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම බවයි. අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය […]

FEATURE
on Mar 24, 2025
133 views 1 sec

අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද වැඩභාර ගත් අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව වේ. ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් […]