Home > Articles posted by Admin (Page 46)
FEATURE
on Apr 21, 2025
161 views 0 secs

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාවට ආසන්නව පිහිටි පාසල් කිහිපයකට අද (21) සිට අප්‍රේල් 25 වැනිදා දක්වා විශේෂ නිවාඩු ලබාදී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය. අවශ්‍යතා මත මෙම නිවාඩු කාලය දිගු කළ හැකි අතර, එවිට පාසල් තවදුරටත් වසා තබා ගැනීමට කටයුතු කරන බවද සඳහන් වේ. මෙම පාසල් වෙන් කර ඇත්තේ මහනුවර […]

FEATURE
on Apr 21, 2025
172 views 0 secs

88 වැනි වියේ පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිල වශයෙන් දැනුම් දෙන ලදී.. ශ්වසන තත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටි පාප්වහන්සේ, සුවය ලබා පසුගියදා ආපසු පැමිණ තිබූ අතර ඊයේ දිනයේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටද උන්වහන්සේ සහභාගි වී තිබුණි.

FEATURE
on Apr 16, 2025
151 views 1 sec

දීර්ඝ සතිඅන්තයකින් පසුව අද (අප්‍රේල් 16) කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත ආරම්භවූ අතර, මිල දර්ශකවල දැඩි ඉහළ යාමක් වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන්වී තිබුණි. S&ඵ් Sළ්20 දර්ශකය ද ඒකක 29.95කින් ඉහළ ගොස් 4,644.49ක් ලෙස වාර්තා විය. කෙසේ වුවද, අද දිනයේ ගනුදෙනු පිරිවැටුම පහළ මට්ටමක පැවති අතර, […]

FEATURE
on Apr 16, 2025
166 views 0 secs

හෙට (අප්‍රේල් 17) දිනයේදී දිවයිනේ කිහිපයක ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වලට අමතරව රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශද මෙයට ඇතුළත්ය. එම නිසා එළිමහන් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]

FEATURE
on Apr 16, 2025
165 views 0 secs

මෙවර අලුත් අවුරුදු සමයේ දින 6ක් තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය හරහා වාහන 787,000ක් ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ මගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයා ඇති බවත්, ඒ අතරින් පසුගිය දිනයකදී (අප්‍රේල් 15) පමණක් ආදායම රුපියල් මිලියන 48ක් වී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා […]

FEATURE
on Apr 16, 2025
164 views 1 sec

‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය සදහා මහනුවර නගරය සහ අවට ප්‍රදේශවල තෝරාගත් පාසල් 50කට අප්‍රේල් 21 සිට 25 දක්වා දින 5ක විශේෂ නිවාඩු ලබාදීමට මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇත. ‘සිරි දළදා වන්දනාව’ අප්‍රේල් 18 සිට 27 දක්වා ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නිවාඩු ලබාදෙන පාසල්: මහනුවර අධ්‍යාපන කලාපය:ගුරුදෙණිය ම.වි., විද්‍යාලෝක තැන්නෙකුඹුර, ධර්මරාජ, ඩී.එස්. […]

FEATURE
on Apr 16, 2025
156 views 0 secs

පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක් ලැබී ඇති බව පොලිසිය පවසයි. ඒ අතරින් අපරාධමය පැමිණිලි 36ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 132ක් වාර්තා වී ඇත. මෙම පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 18 දෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. […]

FEATURE
on Apr 16, 2025
199 views 0 secs

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා වූ කසුන් රාජිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එසෙක්ස් කණ්ඩායම සමඟ තරග 5ක් සඳහා ගිවිසුම් වී ඇත. එමගින් ලබන සිකුරාදා ආරම්භ වන වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහි තරඟයේදී ඔහු එසෙක්ස් නියෝජනය කරනු ඇත. හිටපු ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් දැනට එසෙක්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර, කසුන් රාජිතව කණ්ඩායමට එක් කරගැනීමට […]

FEATURE
on Apr 16, 2025
186 views 0 secs

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිත ස්ථානය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා නගරයේ තාවකාලිකව ඉදිකරන ක්‍රීඩාංගනයක් තෝරාගෙන ඇත. වසර 128කට පසු ඔලිම්පික් උළෙලකදී ක්‍රිකට් තරග ඇතුළත් වීම මෙහි විශේෂත්වය වන අතර 2028 ඔලිම්පික් උළෙල ජූලි 14 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

FEATURE
on Apr 16, 2025
162 views 0 secs

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට සම්බන්ධව පේරු හිටපු ජනාධිපති ඔලන්තා උමාලා සහ ඔහුගේ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 3කට වැඩි කාලයක් පැවති නඩු විභාගයක තීන්දුවක් ලෙස මෙම දඬුවම නියම කර තිබේ. 2006 සහ 2011 අතර කාලයේදී බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීතිවිරෝධී අරමුදල් ලබාගත් බවට ඔවුන්ට චෝදනා […]