Home > Articles posted by Admin (Page 43)
FEATURE
on Apr 29, 2025
123 views 0 secs

චීනයේ ලියාඕනිං නගරයේ පිහිටි අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇත. අද (29) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර, මෙතෙක් එයට හේතුවක් නිල වශයෙන් හෙළි කර නොමැත. ගින්න හටගත් අවන්හලේ ඡායාරූපවලින් දැක්වෙන්නේ දෙමහල් හෝ තුනේ ගොඩනැගිල්ලක ජනේල සහ දොරවල්වලින් විශාල ගිනිදැල් පිටවී ඇති ආකාරයකි. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, […]

FEATURE
on Apr 29, 2025
125 views 0 secs

කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

FEATURE
on Apr 28, 2025
119 views 1 sec

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබේ. මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන්ගේ ගණන 135කි. ඒ අනුව, ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් මෙම කාදිනල්වරුන් Conclave සඳහා සහභාගි වේ. වතිකාන නීති අනුව, ඡන්දය භාවිත […]

FEATURE
on Apr 28, 2025
119 views 0 secs

කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුවී ඇත. අදාළ මෝටර් රථය ජනතාව අතරට ධාවනය කළ 30 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර […]

FEATURE
on Apr 28, 2025
140 views 2 secs

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මැයි මස 02 සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් සබැඳිය ඔස්සේ කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

FEATURE
on Apr 28, 2025
119 views 0 secs

වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඊයේ (27) අලුයම සිය ජීවන ගමනට සමුදුන් අතර එම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය. ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි. නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ […]

FEATURE
on Apr 28, 2025
163 views 0 secs

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ට අයත්, මෙතෙක් භාර නොගත් ගමන්මලු නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසුවේ, එම ගමන්මලු අද (27) සහ හෙට (28) මහනුවර වැව රවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක ස්ථානයේදී අනන්‍යතාව තහවුරු කර ලබාගත හැකි බවයි. එම වැඩපිළිවෙළ සිදු කෙරෙන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් […]

FEATURE
on Apr 28, 2025
121 views 0 secs

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ කෙරිණි. එමෙන්ම ජනතාවට පහසුකම් සැළසීමට හා ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත හෙට දින විවෘත යළි ආරම්භ වන බව වාර්තා වේ. දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත […]

FEATURE
on Apr 27, 2025
138 views 0 secs

ගාල්ලේ හත් හැවිරිදි පාසල් සිසුවෙකු ජලභීතිකාව (රේබිස්) වැලඳීමෙන් අද (27) ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සිසුවා 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මාසයකට පමණ පෙර නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු මුහුණ ප්‍රදේශය පහුරු ගා ඇති බව පසුව අනාවරණය වී ඇත. පසුව ජලයට හා සුළඟට බියවීම වැනි ලක්ෂණ දැක්වීමත් සමඟ […]

FEATURE
on Apr 27, 2025
123 views 0 secs

කැනඩාවේ වැන්කූවර් නුවර පැවති ලපු ලපු දින සැමරුම සඳහා පැවති වීථි සැණකෙළියකට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව පොලීසිය පවසා ඇති අතර, 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වැන්කූවර් නුවර පදිංචිකරුවෙකු වන බවද සඳහන්ය. කැනඩාවේ […]