Home > Articles posted by Admin (Page 41)
FEATURE
on May 5, 2025
135 views 0 secs

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින ආරවුල් සහ ගැටලු සාමකාමී ලෙස විසඳීමේ උත්සාහයක් ලෙස රුසියාව මැදිහත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම වාර්තා අනුව, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේයි ලාව්රොව් මහතා පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී දෙරට අතර උණුසුම් වූ තත්ත්වය සහ එයට හේතු වූ ත්‍රස්ත ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර […]

FEATURE
on May 5, 2025
129 views 0 secs

පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන මැතිවරණය හේතුවෙන්, අද (මැයි 05) සහ හෙට (මැයි 06) දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත. නමුත් මැයි 07 වැනිදා (බදාදා) මැතිවරණයෙන් පසු දිනයේදී, දේශීය මට්ටමේ මැතිවරණ කටයුතු සඳහා යොදා නොගත් පාසල් යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඡන්ද විමසීම සඳහා යොදාගත් සහ පිරිසිදු කිරීමේ […]

FEATURE
on May 3, 2025
118 views 0 secs

ඖෂධ මිල අඩු කිරීමේ අවශ්‍යතාවය සහ එයට රජයේ සූදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, සමස්ත ලංකා ඖෂධශාලා හිමියන්ගේ සංගමය, ඖෂධ ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඖෂධ ආනයනය සහ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියෝජිතයන් තිඛටම මෙයට සහභාගී වී තිබේ. මෙහිදී, ජනතාවට […]

FEATURE
on May 3, 2025
124 views 0 secs

පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන සියලුම ප්‍රචාරක කටයුතු අද (මැයි 03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මැතිවරණ දිනය වන මැයි 06 දක්වා කාලය “නිහඬ කාලය” ලෙස සලකනු ලබන අතර, එම කාලසීමාවේදී ඕනෑම මාධ්‍ය හරහා, සජීවීව හෝ සෘජුව, ඕනෑම ආකාරයකින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම […]

FEATURE
on May 3, 2025
113 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් අද දින (03) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටිති.

FEATURE
on May 3, 2025
122 views 0 secs

සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන්ට නවක වදය ලබාදුන් බවට ඇති සැකය සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පොලිසිය අද (මැයි 03) නිකුත් කළ නිවේදනයකින් සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 29 වනදා සමනලවැව පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව, ඊයේ (මැයි 02) දින නවක වදියට […]

FEATURE
on May 3, 2025
130 views 0 secs

අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල සම්බන්ධයෙන් ඇති සැරසිලි හා ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව, පළාත් පාලන මැතිවරණය සදහා අවසරලත් වශයෙන් පිහිටුවා ඇති ඡන්ද කාර්යාලවලට වුවද, වර්ග අඩි 60 නොඉක්මන ප්‍රචාරක පුවරුවක් හැරුණු විට අනෙකුත් සියළුම ප්‍රචාරක පුවරු, පෝස්ටර් සහ සැරසිලි අද (මැයි 03) මධ්‍යම රාත්‍රියෙන් […]

FEATURE
on May 3, 2025
127 views 0 secs

එළඹෙන මැයි 06 අඟහරුවාදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්, එදින කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සීමා කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. සාමාන්‍යයෙන් පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වන කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය, මැතිවරණ දිනයේදී පස්වරු 12.30ට අවසන් වන බව එම නිවේදනයෙන් තවදුරටත් පැහැදිළි කෙරේ. මෙම පියවර අරමුණු […]

FEATURE
on May 2, 2025
139 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2025 මාර්තු මාසයේදී රටේ අපනයන ආදායම විශේෂ ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, එම මාසය තුළ වාර්තා වූ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 1,242ක් වන අතර, 2024 මාර්තු මාසයෙහි වාර්තා වූ ආදායමට සාපේක්ෂව මෙය සියයට 8.1ක වර්ධනයක් වෙයි. ඒ සමගම, එම මාසය තුළ ආනයන වියදමද වාර්තා […]

FEATURE
on Apr 30, 2025
150 views 5 secs

එළැඹෙන මැයි මාසයේ සිට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම Apple සමාගමේ පැරණි ජංගම දුරකථන කිහිපයක් සඳහා තවදුරටත් ක්‍රියා නොකරන බව වාර්තා වේ. මෙම පියවර යටතේ iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ආදිය සඳහා WhatsApp භාවිතය අවසන් වන අතර, මෙම උපාංග iOS 15.1 හෝ ඊට අධික යාවත්කාලීන පද්ධතියක් ලබාදිය නොහැකි බැවින් එම තීරණය ගෙන ඇත. […]