Home > Articles posted by Admin (Page 38)
FEATURE
on May 14, 2025
137 views 0 secs

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අඟහරුවාදා මෙම නිවේදනය සමාගම විසින් නිකුත් කර තිබේ. මෙම සේවක කප්පාදුව, සමාගමේ මුළු ශ්‍රම බලකායෙන් ප්‍රතිශත 3කටත් වඩා අඩු ප්‍රමාණයක් වන බව සඳහන් වෙයි. මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ මෙම පියවර හරහා පිරිවැය පාලනය කිරීමත්, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් […]

FEATURE
on May 14, 2025
153 views 0 secs

පළාත් පාලන ඡන්ද විමසීමෙන් එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිඵල අනුව, ලැයිස්තු මගින් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් දින 07ක් ඇතුළත නම්කර එවීමට මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා අදාල දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර ඇති බවයි. […]

FEATURE
on May 14, 2025
152 views 0 secs

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගිය දිනවල සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් නිකුත් කරන ලද මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, මෙම අනතුරෙන් මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් […]

FEATURE
on May 14, 2025
146 views 3 secs

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීමේ අරමුණින් දිවයින පුරා ඇති ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ජාතික මට්ටමේ වැඩසටහනක් අද (14) ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රධාන ඉන්ධන සපයන්නන් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා IOC, සිනොපෙක් එනර්ජි ලංකා සහ RM […]

FEATURE
on May 14, 2025
150 views 0 secs

තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල හතකට පත්ව සිටින නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය. මෙම හමුව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ඒ අවස්ථාවේදී අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ඉලක්ක සහ අභිලාෂයන් නව තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට පැහැදිළි කළේය. ඒ අතර ඔවුන් තමන්ගේ සේවා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම් සහ වැඩපිළිවෙල […]

FEATURE
on May 8, 2025
150 views 0 secs

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීම අද (08) පෙරවරුවේදින් සිදු වූවද, එදිනද නව පාප් වහන්සේ තේරී පත් කිරීම සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වතිකානයේදී ඊයේ ආරම්භ වූ මෙම ඡන්ද විමසීම, ඊයේ පස්වරුවේ පැවති පළමු වටයේදීත් නව පාප් වහන්සේ තේරීම අසාර්ථක වූ බැවින්, අද පෙරවරුවේ යළිත් පැවැත්විය. ඡන්ද […]

FEATURE
on May 8, 2025
146 views 0 secs

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ඇති බව වාර්තා වේ. මෙම පත්වීම සිදුකෙරෙන්නේ හිටපු විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 දිනෙන් අවසන් වූ පසු ය. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනටමත් ශ්‍රී ලංකා විභාග […]

FEATURE
on May 8, 2025
148 views 0 secs

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පැවසුවේ, වසරකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසිමියා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බවය. තවද, රෝග වාහකයින් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් මෙරට සිටින බවද, ජාත්‍යන්තර තැලසිමියා දිනය […]

FEATURE
on May 8, 2025
137 views 0 secs

අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම්වලට හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවද වාර්තා වේ. පිපිරීම් වාර්තා වී ඇත්තේ වෝල්ටන් ගුවන්තොටුපොළ අසල ගෝපාල් නගර් සහ නසීරාබාද් ප්‍රදේශයන්හිදීය. එම ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව නිවෙස්වලින් පලායන ආකාරය සහ එම අවට කලාප දුමින් […]

FEATURE
on May 8, 2025
152 views 0 secs

විල්පත්තු අභයභූමිය හරහා යාමට යෝජනා කර තිබූ අධිවේගී මාර්ගය ඉදිකිරීම සිදු නොකරන බවට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (07) දින දැනුම් දී ඇත.