Home > Articles posted by Admin (Page 36)
FEATURE
on May 18, 2025
168 views 0 secs

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් ආරම්භ කළ සංකේතාත්මක වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන ලදී. එම නිසා අද (18) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය. මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වුයේ 16 වැනි රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සඳහා වන අතර එය දුම්රිය සේවා වලට […]

FEATURE
on May 18, 2025
184 views 0 secs

2009 මැයි 18 වනදා මෙරට දශක තුනකට අධික කාලයක් පවතිූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නිමා වූයේ නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ආරක්ෂක අංශ විසින් ජිවිතක්ෂයට පත් කිරීමෙනි. එදින මෙරට ඉතිහාසයේ නව යුගයක් ඇරඹිය හැකිවූ අතර, අද (18) දිනට එම ජයග්‍රහණයට වසර 16ක් සපිරේ. මෙරට ආරක්ෂක අංශවල විශිෂ්ට මෙහෙයුම් මගින් ලොව විශාලතම මානුෂීය මෙහෙයුමක් ලෙස සටහන් වන්නට […]

FEATURE
on May 16, 2025
163 views 1 sec

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන […]

FEATURE
on May 16, 2025
175 views 0 secs

නිෂ්පාදන ආර්ථිකය දිවයින පුරා පුනරුජීවනය කරමින්, ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් සභාපතිවරුන්ට එක්වී තිබුණු අතර, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගි විය. සාකච්ඡාවේ ප්‍රධාන අවධානයක් වූයේ 2024 අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකයට […]

FEATURE
on May 16, 2025
171 views 1 sec

සංචාරක මග පෙන්වන්නන් ලෙස වන සංරක්ෂණ මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමට වෘත්තිමය පුහුණුවක්, සහතිකයක් සහ හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර අද (16) පරිසර අමාත්‍යාංශයේදී ආරම්භ විය. මෙම අවස්ථාවට නකල්ස් ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් ලියාපදිංචි වූ පුහුණුලාභීන් 62 දෙනෙකුගෙන් 38 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කෙරුණි. අවිධිමත් සංචාරක ක්‍රියාකාරකම්—ගිනි දැල්වීම, කසල බැහැර කිරීම, අධික ශබ්ද […]

FEATURE
on May 16, 2025
189 views 0 secs

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, මැදපෙරදිගට සිව්දින රාජ්‍ය සංචාරයක නිරතවෙමින් සිටින අතර, ඒ අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා හමුවී ඇත. මෙම හමුවේදී ජනාධිපති ට්‍රම්ප් මහතා පැවසූයේ, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගෙන යාමට සැලසුම් කර ඇති බවයි. ඔහු ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන 200කට අධික වටිනාකමකින් යුතු ගනුදෙනු […]

FEATURE
on May 16, 2025
159 views 0 secs

රටවටා ධාවනය වන සියලු රාත්‍රි තැපැල් දුම්රිය සේවාවන් මේ වනවිට අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

FEATURE
on May 16, 2025
185 views 2 secs

ඉන්දු–පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතය. මෙම අරඹුව, හෙට (17) රාත්‍රි 7ට පැවැත්වීමට නියමිත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) සහ කොල්කටා නයිට් රයිඩර් (KKR) කණ්ඩායම් අතර තරගයයි. මෙම තරගය පැවැත්වෙන්නේ බැංගලෝර්හිදීය. ප්‍රසාද ලකුණු සටහන අනුව, RCB කණ්ඩායම දැනටමත් දෙවැනි ස්ථානයේ පසුවන අතර, KKR කණ්ඩායම පසුවන්නේ හයවන […]

FEATURE
on May 16, 2025
157 views 2 secs

2025 මාර්තු 31 වනදා අවසන් වූ මූල්‍ය කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18.47ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තාව පෙන්වා දෙයි. මෙය විශේෂ තත්ත්වයක් ලෙස සැලකෙන්නේ, 2024 දෙසැම්බර් කාර්තුව දක්වා අඛණ්ඩව කාර්තු පහක් පුරා ලාභ ලබාගෙන සිටි පසුබිමක මෙලෙස අලාභයකට පත්වීමයි. 2024 මාර්තු කාර්තුවේ දී රුපියල් බිලියන 84.67ක ලාභයක් වාර්තා […]

FEATURE
on May 16, 2025
170 views 0 secs

අලිගැටපේර ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළට පෙරළී අනතුරකට ලක්ව තිබේ. අද (16) අලුයම 4ට පමණ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් රියදුරා සහ කැබ් රථයේ ගමන්කළ පුද්ගලයෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි හැටන් පොලීසිය පවසයි. මෙම කැබ් රථය, […]