Home > Articles posted by Admin (Page 34)
FEATURE
on May 21, 2025
104 views 0 secs

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ. අද (21) උදෑසන සිදුවූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා තිබුණු අවස්ථවේදී වාහන දෙකක් නවතා තිබීයදී කන්ටේනර් රථයක් පැමිණ […]

FEATURE
on May 21, 2025
105 views 0 secs

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 245,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 240,500ක් ලෙසය. මේ අතර පසුගිය බදාදා රු. 260,000ක් ලෙස පැවති “කැරට් 24” […]

FEATURE
on May 20, 2025
110 views 0 secs

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව පූර්ව දැනුම් දීමකින් තොරව වසා දැමීමෙන්, එහි සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමිවී ඇති බව වාර්තා වේ. මේ වන විට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර එහි ආරක්ෂක නිලධාරීන් පමණක් රැඳී සිටින අතර මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් […]

FEATURE
on May 20, 2025
108 views 1 sec

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා 2025 මැයි 24 සිට 28 දක්වා ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සිදු කිරීමට නියමිතය. මෙම සංචාරය තුළ දී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ හමුවී ද්විපාර්ශ්වික සබඳතා තරම් දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරනු ඇත. එමෙන්ම විදේශ කටයුතු, විදේශ […]

FEATURE
on May 20, 2025
113 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් රාජ්‍ය ආයතන කිහිපයකට නව පත් කිරීම් කිහිපයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. එහි ප්‍රධානතමය වශයෙන්, ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කර ඇත. තවද, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු ලෙස ධීවර, ජලජ සහ […]

FEATURE
on May 20, 2025
108 views 0 secs

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව, රණක්ෂිත සෙබළුන්ගේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සුවසහන නිකේතන වෙත වාහන පහක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේදී සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වාහන ලබාදී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් […]

FEATURE
on May 20, 2025
119 views 0 secs

පොලිස් අත්අඩංගුවේදී සහ පොලීසිය සමඟ ඇතිවන ගැටුම් මත සිදුවන මරණ වළක්වා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2025 අංක 1 ලෙසින් සදහන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙම මාර්ගෝපදේශ, පසුගිය වසර කිහිපය තුළ පොලිස් අත්අඩංගුවේ සහ පොලිස් ගැටුම්වලදී සිදුවූ මරණ පිළිබඳව සභාව වෙත ලැබුණු පැමිණිලි මත පදනම්ව සිදුකළ විමර්ශන […]

FEATURE
on May 19, 2025
156 views 0 secs

ලුණු හිඟය හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අභියෝගයකට මුහුණදෙමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි. ඔහු කියා සිටියේ, පවතින ලුණු ගැටලුව පිළිබඳව අදාළ අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, අවශ්‍ය ප්‍රමාණයෙන් ලුණු සැපයීමට වග බලාගන්නා බව අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති බවය. මේ පිළිබඳව අදහස් දක්වමින් එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් […]

FEATURE
on May 19, 2025
118 views 0 secs

පවතින ලුණු හිඟය පිළිබඳව ප්‍රතිචාර ලෙස, ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ලුණු ආනයනය ප්‍රමාද වීමට හේතුවක් ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ ආරවුල් සහගත තත්ත්වයද බලපෑ බවය. අද පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමට පැමිණ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරනු […]

FEATURE
on May 19, 2025
119 views 2 secs

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025 වසර සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත. මෙම වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම් කිරීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත්කම හෝ අසමත්කම සැලකිල්ලට නොගන්නා බව අමාත්‍යාංශය නිවේදනය කරයි. අයදුම්පත් ලබා ගැනීමට https://moe.gov.lk/2025/05/37984/ වෙත පිවිසිය හැක.