Home > Articles posted by Admin (Page 33)
FEATURE
on May 27, 2025
216 views 0 secs

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එංගලන්තයේ ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය පියාසර ආරම්භ කළ සමගම එන්ජිමක ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුව ඇති බවද වාර්තා වෙයි. අදාළ ගුවන් යානයේ මගීන් 70 දෙනෙකු සිටි අතර ඔවුන් සියල්ලන්ම ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.

FEATURE
on May 27, 2025
224 views 0 secs

දැනට චිකුන්ගුන්යා වසංගත රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලට මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසයි. මෙම රෝගය 2006, 2007 සහ 2008 වසරවල දීද සැලකිය යුතු ලෙස […]

FEATURE
on May 27, 2025
230 views 0 secs

ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ඉදිකිරීම් ස්ථානයක දරුණු පිපිරීමක් සිදුවීමෙන් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුවී ඇත්තේ ගෑස් නලයක් පුපුරා යාම හේතුවෙන් බවද වාර්තා වන අතර, පිපිරීමෙන් පසුව ආරක්ෂක හා බේරාගැනීමේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී තිබේ. කෙසේවෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.

FEATURE
on May 26, 2025
218 views 1 sec

ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි තාවකාලිකව නවතා දැමූ බව පොලීසිය දැනුම් දෙයි. පසුගිය 24 වනදා සිදු වූ බහින්බස්වීමක් අතරතුර, එම සැරයන්වරයා පොදුජනයකුට පහරදීමක් සිදු කළේය. එම පහරදීම වාර්තා වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පුළුල්ව සංසරණය වෙමින් පවතින අතර, සමාජයේ විශාල අවධානයට ලක්වී ඇත. සිද්ධියට හේතු වී ඇත්තේ, ගොකරැල්ල පොලිස් වසමේ […]

FEATURE
on May 25, 2025
208 views 0 secs

ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව, මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති මියගිය ශරීරය හෙට (26) පෙරවරු 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රයට රැගෙන යනු ලබන අතර, පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවයට නිරූපණය කිරීමට කටයුතු […]

FEATURE
on May 25, 2025
241 views 0 secs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දත්ත අනුව ඉන්දියාව ජපානය පසුකරමින් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස තම පිහිටුම තහවුරු කර තිබේ. මෙම වාර්තාවල සඳහන් වන්නේ ඉන්දීය ආර්ථිකය මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් වටින බවයි. එමෙන්ම ඉදිරි දෙවසරක කාලය තුළ ලොව වේගවත්ම සංවර්ධනය විය හැකි ආර්ථිකය ලෙස ඉන්දියාව පත්වනු ඇති බව IMF ආචාර්යයින් පවසති. වඩාත් දීර්ඝ […]

FEATURE
on May 25, 2025
217 views 0 secs

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම කඳුකරයට අයත් කිහිපයක් වන දිස්ත්‍රික්ක කිහිපයක වැසි තත්ත්වයේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට අමතරව නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වාරින් වාරෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මෙවැනි […]

FEATURE
on May 24, 2025
232 views 0 secs

හෙළ සිනමාවේ රැජින, ලාංකේය සිනමාවේ ලලනා පෞරුෂය, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තේ වයස අවුරුදු 78ක් වියද්දීය. කලාත්මක සිනමාවේ මෙන්ම වාණිජ සිනමාවේද අමතක නොවන මුද්‍රාවක් තබා දැමූ ඇය, හෙළ සිනමාවේ ජීවමාන නිධානයක් ලෙස සැලකුණි. වේදිකාව, පුංචි තිරය සහ රිදී […]

FEATURE
on May 21, 2025
222 views 0 secs

පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පෙරවරු 9.45ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 1007 සීඝ්‍රගාමී දුම්රියයි. ඒ හේතුවෙන් මෙම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත අනෙකුත් දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි […]

FEATURE
on May 21, 2025
208 views 0 secs

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමක් මත සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. ඒ අනුව නිලධාරීන් 4,530 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත්, මේ හරහා විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කර හැකි වන බවත් […]