Home > Articles posted by Admin (Page 30)
FEATURE
on Jun 7, 2025
162 views 1 sec

අතිවිශිෂ්ට වූ බෞද්ධ සාස්ත්‍රානුකූල සිදුවීමක් වන පොසොන් පෝය දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික පොසොන් සතිය අද (07) සිට ආරම්භ වේ. එය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන විශේෂ පූජනීය භූමිකාවක් ගන්නා සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත. ජාතික පොසොන් උත්සවය සඳහා දිවයින පුරා සිට පිරිසක් පැමිණෙමින් සිටින […]

FEATURE
on Jun 7, 2025
164 views 1 sec

ලොව පුරා විහිදී සිටින ඉස්ලාම් බැතිමතුන් අද (05) හජ් උත්සවය හෙවත් ඊද්-උල්-අල්හා සමරයි. නබි මුහම්මද් (සල්) තුමාගේ ඉගැන්වීම් පදනම් කරගනිමින් මුස්ලිම් ප්‍රජාව මෙම උත්සවය සමරන්නේ සමගිය, සාමුහිකත්වය සහ ආත්මීය පූජාවෙන් යුතු විශේෂ ආගමික දිනයක් ලෙසය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන්කර ඇති අතර, අල්ලා දෙවියන්ට භක්තියක්වෙන් නබි ඊබ්‍රාහිම් […]

FEATURE
on Jun 5, 2025
160 views 0 secs

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මඟින්, IVF තාක්ෂණය භාවිතා කරමින් සිදුකළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකව සිදුකර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන අතර, අඩු වියදමින් සේවාවන් ලබාදිය හැකි පළමු සාඵල්‍යතා මධ්‍යස්ථානය ලෙස සැලකේ.

FEATURE
on Jun 3, 2025
164 views 1 sec

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක් අනුව 2026 වසර වන විට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ වෘත්තිකයන් මිලියනයක අවශ්‍යතාවක් ඉන්දියාවේ පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, AI ක්ෂේත්‍රය තුළ ඇතිවෙන දැවැන්ත ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඉන්දියාව මේ වනවිටම සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 2047 වසර වන විට ඩොලර් ට්‍රිලියන 23-35 අතර ආර්ථිකයක් […]

FEATURE
on Jun 3, 2025
163 views 0 secs

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත. මෙම තත්ත්වය මත වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් වැනි වගාවන්ට සිදුවන හානිය සඳහා, ගොවීන්ට රක්‍ෂණ ආවරණයකින් තොරවම රක්ෂණ වන්දි ලබාදීමට කටයුතු කර […]

FEATURE
on Jun 3, 2025
157 views 0 secs

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත් කර ඇති බව එම මණ්ඩලය නිකුත් කළ නිල ලිපියකින් දැක්වෙයි. ඔහු පසුගිය කාලයේදී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයද දැරූවෙකි. අදාල ලිපියෙන් වැඩිදුරටත් සදහන් වන්නේ, මෙතෙක් සභාපති ධූරය භාරව සිටි ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බවයි.

FEATURE
on Jun 3, 2025
170 views 0 secs

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේදී ඉතිහාසයේ උච්චතම මට්ටමට ළඟා වීමට සමත්විය. ගනුදෙනු අවසානයේදී එය ඒකක 17,214.39ක් ලෙස සටහන් වී ඇති අතර, මෙය 2025 පෙබරවාරි 18 වන දින වාර්තා වූ පෙර උච්චතම අගය වූ ඒකක 17,193.8 ක වාර්තාව පසුකරමින් සංකේතාත්මක වාර්තාවක් පිහිටුවීමක් ලෙස සැලකේ. අද දිනයේදී ඒකක 234.50ක දැවැන්ත වර්ධනයක්ද සියලු […]

FEATURE
on Jun 2, 2025
169 views 0 secs

යුරෝපාවේ විශාලතම ගිනිකන්ද ලෙස සැලකෙන එට්නා ගිනිකන්ද සක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙහිදී කිලෝමීටර් කිහිපයක උසට අළු සහ දුමාරය වාතය මඟින් විසිරෙමින් පවතින අතර, එම ප්‍රදේශයේ සිටි සංචාරකයින් හා කදු නගින්නන් වහාම සුරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී ඇත. එට්නා ගිනිකන්ද වසරකට කිහිප වතාවක් විදාරණය වන අතර, ලෝකයේ වඩාත්ම සක්‍රිය […]

FEATURE
on Jun 2, 2025
162 views 0 secs

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා හෙට (03) ශ්‍රී ලංකාවට නිල සංචාරයකින් එක්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. ඔහු මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ හමුවීමට නියමිතය. තවද ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සමරමින් […]

FEATURE
on Jun 1, 2025
169 views 0 secs

යුක්‍රේනය පවසන්නේ, රුසියානු භූමිය වෙත එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවට අයත් 40ක් පමණ ගුවන්යානා හානි වී ඇති බවයි. එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික් මිසයිල 7ක් සහ කෘස් මිසයිල යොදාගත් බවත්, එය සයිබීරියානු කලාපයට එල්ල වූ බවත් වාර්තා වේ. යුක්‍රේනය සඳහන් කළේ, මර්මන්ස්ක් සහ ඉර්කුට්ස් කලාපය වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවාට, එවක් […]