පසුගිය දින කිහිපය තුළ දිවයිනේ පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත. මෙම තත්ත්වය මත වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් වැනි වගාවන්ට සිදුවන හානිය සඳහා, ගොවීන්ට රක්‍ෂණ ආවරණයකින් තොරවම රක්ෂණ වන්දි ලබාදීමට කටයුතු කර […]
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත් කර ඇති බව එම මණ්ඩලය නිකුත් කළ නිල ලිපියකින් දැක්වෙයි. ඔහු පසුගිය කාලයේදී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයද දැරූවෙකි. අදාල ලිපියෙන් වැඩිදුරටත් සදහන් වන්නේ, මෙතෙක් සභාපති ධූරය භාරව සිටි ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බවයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේදී ඉතිහාසයේ උච්චතම මට්ටමට ළඟා වීමට සමත්විය. ගනුදෙනු අවසානයේදී එය ඒකක 17,214.39ක් ලෙස සටහන් වී ඇති අතර, මෙය 2025 පෙබරවාරි 18 වන දින වාර්තා වූ පෙර උච්චතම අගය වූ ඒකක 17,193.8 ක වාර්තාව පසුකරමින් සංකේතාත්මක වාර්තාවක් පිහිටුවීමක් ලෙස සැලකේ. අද දිනයේදී ඒකක 234.50ක දැවැන්ත වර්ධනයක්ද සියලු […]
යුරෝපාවේ විශාලතම ගිනිකන්ද ලෙස සැලකෙන එට්නා ගිනිකන්ද සක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙහිදී කිලෝමීටර් කිහිපයක උසට අළු සහ දුමාරය වාතය මඟින් විසිරෙමින් පවතින අතර, එම ප්‍රදේශයේ සිටි සංචාරකයින් හා කදු නගින්නන් වහාම සුරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී ඇත. එට්නා ගිනිකන්ද වසරකට කිහිප වතාවක් විදාරණය වන අතර, ලෝකයේ වඩාත්ම සක්‍රිය […]
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා හෙට (03) ශ්‍රී ලංකාවට නිල සංචාරයකින් එක්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. ඔහු මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ හමුවීමට නියමිතය. තවද ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සමරමින් […]
යුක්‍රේනය පවසන්නේ, රුසියානු භූමිය වෙත එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවට අයත් 40ක් පමණ ගුවන්යානා හානි වී ඇති බවයි. එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික් මිසයිල 7ක් සහ කෘස් මිසයිල යොදාගත් බවත්, එය සයිබීරියානු කලාපයට එල්ල වූ බවත් වාර්තා වේ. යුක්‍රේනය සඳහන් කළේ, මර්මන්ස්ක් සහ ඉර්කුට්ස් කලාපය වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවාට, එවක් […]
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර ඇති, හෙක්ටයාර 40,683ක විශාලත්වයෙන් යුත් නිල්ගල වනය, හෙට (02) දිනයේ සිට නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත. මැදගම, බිබිල, නිල්ගල සහ ඉඟිනියාගල යන වන සංරක්ෂණ බීට් හතරකින් සමන්විත මෙම වනාන්තරයේ ප්‍රධානම කොටස බිබිල අඩවිය වේ. මෙම රක්ෂිතය නිවේදනය කිරීමේ සමාරම්භක උත්සවය හෙට පෙරවරුවේ බිබිල රතුගල […]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී ශ්‍රී ලංකාවට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. 2016 වසරෙන් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙය ප්‍රථම අවස්තාව වේ. 2016 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලය තුළදී, එවකට මහකොමසාරිස් සෙයිද් අල් […]
ජූලි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, පවතින ආර්ථික සහ සමාජ තත්ත්වය සැලකිල්ලට ගත් විට ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවය. කොළඹදී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් […]
ප්‍රංශයේ පැරිස් නගරයේදී පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ජර්මනියේ පැවැත්වූ යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන් මහ තරඟය නරඹමින් සිටි ප්‍රංශ ප්‍රේක්ෂකයන් අතර මෙම ගැටුම උත්සන්න වී ඇත. මෙම තරඟයෙන් ප්‍රංශයේ පැරිස් සෙන් ජර්මෙයි (ඵ්Sඝ්) කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. මෙය […]
