Home > Articles posted by Admin (Page 42)
FEATURE
on Apr 30, 2025
203 views 0 secs

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් මඟින් යොමුකරන ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූ ඡන්දදායකයින්ට, එම පත්‍රිකා ලබාගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා ඇත. එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, ඡන්ද පත්‍රිකාව නොලැබුණු අය ඔවුන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පිටත් වී අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම පත්‍රිකාව ලබා ගත හැකි බවය. එමඟින් ඡන්දය භාවිතය සඳහා අත්‍යවශ්‍ය […]

FEATURE
on Apr 30, 2025
204 views 0 secs

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා තමන්ගේ ආරක්ෂක හමුදාවන්ට විශේෂ මෙහෙයුම් නිදහසක් ලබාදී තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා කාශ්මීරයේදී ඉන්දියානු බලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙසය. ඊයේ නවදිල්ලි හිදී පැවති විශේෂ ජාතික ආරක්ෂක කවුන්සල රැස්වීමකදී මෙම අනුමැතිය ලබාදී ඇති අතර, එම රැස්වීමට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ හමුදා […]

FEATURE
on Apr 30, 2025
181 views 0 secs

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය මැයි මස 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතය. මෙම තීරණය ගෙන ඇත්තේ එම ස්ථානය පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නියම වීමත්, ඡන්ද විමසීම මැයි 06 දින පැවැත්වෙන බැවිනි. ඒ අනුව, මැයි 05 සහ 06 දිනවලදී සාමාන්‍ය රාජකාරි සඳහා දෙපාර්තමේන්තුව විවෘත නොවන […]

FEATURE
on Apr 30, 2025
189 views 0 secs

මැයි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Apr 30, 2025
176 views 2 secs

මෙරට සංචාරයක නිරතව සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් අද (30) පැවැත්විණි. මෙම සාකච්ඡාවේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූතිය පළ කළේ ය. ඝ්Sඵ්+ සහනය (සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය) රටේ ආර්ථික දියුණුව සඳහා පමණක් […]

FEATURE
on Apr 30, 2025
188 views 0 secs

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් අඩු කර රු. 293ක් ලෙස නව මිල ගණන් තීරණය කර ඇත. ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා ලීටරයකට රුපියල් 20ක අඩුකිරීමක් සිදු කර ඇති අතර එහි නව […]

FEATURE
on Apr 30, 2025
176 views 3 secs

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir අතර පසුගියදා (අප්‍රේල් 29) දින සාකච්ඡාවක් පවත්වනු ලැබිය.මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා සමඟින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ […]

FEATURE
on Apr 29, 2025
180 views 4 secs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසා ඇත්තේ, මූල්‍ය අවදානම අවම කිරීම සඳහා හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව සිදු කළ යුතු මූලික පියවරක් බවයි. මෙය IMF වෙතින් ලබා දී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයකි. IMF විසින් […]

FEATURE
on Apr 29, 2025
202 views 15 secs

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතිය සඳහා ද නිකුත් කර තිබේ. එහි අනුව, පහත ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් මෙසේය: පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කරන මෙම මිල පරාසයන් සතිපතා යාවත්කාලීන කෙරෙයි.

FEATURE
on Apr 29, 2025
172 views 0 secs

ශ්‍රී ලංකාවේ දියවැඩියා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් නවතම සමීක්ෂණයක් මෙම වසරේදී සිදු කිරීමට නියමිතය. මෙය සම්බන්ධ සාකච්ඡාවක් අද (29) පැවැත්වුණු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය පැවසුවේ, මෙම සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ඉලක්ක සකස් කිරීමටත්, ඉදිරි සෞඛ්‍ය […]