Home > Articles posted by Admin (Page 45)
FEATURE
on Apr 22, 2025
116 views 0 secs

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ, වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබේ. ඊළඟ පාප්වහන්සේ තෝරාගනු ලබන තෙක්, කැමරලෙන්ගෝවරයා ලෙස ඔහු මෙම ධූරය ඉටු කිරීමට නියමිතය. 1947 දී අයිර්ලන්තයේ ඩබ්ලින් නගරයේ උපත ලැබූ ෆැරල් කාදිනල් හිමිපාණන්, ස්පාඤ්ඤයේ සලමන්කා විශ්වවිද්‍යාලය හා රෝමයේ ග්‍රෙගෝරියන් පොන්ටිෆිකල් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබූය. ඔහු ලොව විවිධ […]

FEATURE
on Apr 22, 2025
112 views 0 secs

මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතව තිබූ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක එංජිමක හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම සිදුවීම සිදුවූයේ, යානය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍යයේ ඕලැන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවතා තිබියදීය. ගින්න හටගත් මොහොතේ සිටි මගීන් සහ පිරිස කඩිනමින් යානයෙන් ඉවත්කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී ඇති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල නොවූ බව වාර්තා වෙයි. මෙම ගින්නට […]

FEATURE
on Apr 21, 2025
103 views 0 secs

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ගෞරව දැක්වීමක් ලෙස, ප්‍රංශයේ අයිෆල් කුළුණ අද රාත්‍රියේදී විදුලි ආලෝකයෙන් වැළකීමට තීරණය කර ඇති බව පැරිස් නගරාධිපතිනී ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. පාප්වහන්සේගේ අභාවය සමග ලෝකයේ රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, පාප්වහන්සේගේ උපන් බිම වන ආර්ජන්ටිනාව දින හතක ශෝක කාලයක්ද, බ්‍රසීලය සතියක ශෝක කාලයක්ද […]

FEATURE
on Apr 21, 2025
96 views 0 secs

සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට ලබාදුන් කාලය පැයකින් දීර්ඝ කර තිබේ.ඒ අනුව අද සිට ලබන 27 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දාවට අවස්ථාව හිමිවනු ඇති අතර සිරි දළඳා වන්දනාව සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටී.

FEATURE
on Apr 21, 2025
118 views 0 secs

අවුරුදු සමයේ බලශක්ති ඉල්ලුම අඩුවීම හේතුවෙන් අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද (21) උදෑසන 11.00ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය. වර්තමානයේ ඉහළ වාත්තු ඉල්ලුම සලකා බලා බලාගාරයේ ඒකක තුනම ක්‍රියාත්මක බවද සඳහන් වේ.

FEATURE
on Apr 21, 2025
111 views 0 secs

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාවට ආසන්නව පිහිටි පාසල් කිහිපයකට අද (21) සිට අප්‍රේල් 25 වැනිදා දක්වා විශේෂ නිවාඩු ලබාදී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය. අවශ්‍යතා මත මෙම නිවාඩු කාලය දිගු කළ හැකි අතර, එවිට පාසල් තවදුරටත් වසා තබා ගැනීමට කටයුතු කරන බවද සඳහන් වේ. මෙම පාසල් වෙන් කර ඇත්තේ මහනුවර […]

FEATURE
on Apr 21, 2025
113 views 0 secs

88 වැනි වියේ පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිල වශයෙන් දැනුම් දෙන ලදී.. ශ්වසන තත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටි පාප්වහන්සේ, සුවය ලබා පසුගියදා ආපසු පැමිණ තිබූ අතර ඊයේ දිනයේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටද උන්වහන්සේ සහභාගි වී තිබුණි.

FEATURE
on Apr 16, 2025
105 views 1 sec

දීර්ඝ සතිඅන්තයකින් පසුව අද (අප්‍රේල් 16) කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත ආරම්භවූ අතර, මිල දර්ශකවල දැඩි ඉහළ යාමක් වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන්වී තිබුණි. S&ඵ් Sළ්20 දර්ශකය ද ඒකක 29.95කින් ඉහළ ගොස් 4,644.49ක් ලෙස වාර්තා විය. කෙසේ වුවද, අද දිනයේ ගනුදෙනු පිරිවැටුම පහළ මට්ටමක පැවති අතර, […]

FEATURE
on Apr 16, 2025
106 views 0 secs

හෙට (අප්‍රේල් 17) දිනයේදී දිවයිනේ කිහිපයක ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වලට අමතරව රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශද මෙයට ඇතුළත්ය. එම නිසා එළිමහන් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]

FEATURE
on Apr 16, 2025
112 views 0 secs

මෙවර අලුත් අවුරුදු සමයේ දින 6ක් තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය හරහා වාහන 787,000ක් ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ මගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයා ඇති බවත්, ඒ අතරින් පසුගිය දිනයකදී (අප්‍රේල් 15) පමණක් ආදායම රුපියල් මිලියන 48ක් වී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා […]