Home > Articles posted by Admin (Page 45)
FEATURE
on Apr 24, 2025
151 views 0 secs

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය 22 වනදා රාත්‍රී වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක සිටියදී ඩෑන් ප්‍රියසාද් මහතා, වෙඩි තැබීමකට ලක්විය. මෙම පහරදීම රාත්‍රී 9.10ට පමණ සිදුවූ අතර, යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවි භාවිතයෙන් වෙඩි තැබූ බව විමර්ශනවලින් අනාවරණය වී […]

FEATURE
on Apr 24, 2025
206 views 0 secs

සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන අති දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් හෙට (අප්‍රේල් 25) උදෑසන අහසේ දැකබලා ගැනීමේ අනර්ඝ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ජනතාවට හිමිව තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය මහතා පැවසුවේ, මෙම දර්ශනය නැගෙනහිර අහසේ, අලුයම් කාලයේදී පියවි ඇසින් දැකිය හැකි බවය. මෙය අති විශේෂ තත්ත්වයකි බවත්, අහස පැහැදිලි […]

FEATURE
on Apr 24, 2025
176 views 0 secs

යුරෝපා සංගමය, ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දැඩි දඩ මුදල් පනවා තිබේ. ඒ අනුව, ඇපල් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 570ක්ත්, මෙටා සමාගමට ඩොලර් මිලියන 228ක්ත් වශයෙන් දඩ පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම දඩ පනවා ඇත්තේ, මෙම සමාගම් යුරෝපා සංගමයේ ඩිජිටල් වෙළෙඳපොළ පනත යටතේ තිබෙන නීති කඩකළේයැයි පවසා ඇති […]

FEATURE
on Apr 24, 2025
180 views 0 secs

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අද ( 24) ආරම්භ වූ අතර අප්‍රේල් 25, 28 සහ 29 යන දිනයන් තුළද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවත්, රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, විශේෂ ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට මෙම කාලසීමාව තුළ ඡන්දය […]

FEATURE
on Apr 22, 2025
170 views 0 secs

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාම්ප්‍රදායිකව පාප්වරුන්ගේ අවමංගල කටයුතු විචිත්‍රත්‍වයෙන් යුතුව පැවැත්වූවත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභිමතය පරිදි මෙම අවස්ථාව සරල ආකාරයකින් සිදුකිරීමට වතිකානය සැලසුම් කර තිබේ.

FEATURE
on Apr 22, 2025
155 views 0 secs

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ, වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබේ. ඊළඟ පාප්වහන්සේ තෝරාගනු ලබන තෙක්, කැමරලෙන්ගෝවරයා ලෙස ඔහු මෙම ධූරය ඉටු කිරීමට නියමිතය. 1947 දී අයිර්ලන්තයේ ඩබ්ලින් නගරයේ උපත ලැබූ ෆැරල් කාදිනල් හිමිපාණන්, ස්පාඤ්ඤයේ සලමන්කා විශ්වවිද්‍යාලය හා රෝමයේ ග්‍රෙගෝරියන් පොන්ටිෆිකල් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබූය. ඔහු ලොව විවිධ […]

FEATURE
on Apr 22, 2025
153 views 0 secs

මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතව තිබූ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක එංජිමක හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම සිදුවීම සිදුවූයේ, යානය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍යයේ ඕලැන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවතා තිබියදීය. ගින්න හටගත් මොහොතේ සිටි මගීන් සහ පිරිස කඩිනමින් යානයෙන් ඉවත්කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී ඇති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල නොවූ බව වාර්තා වෙයි. මෙම ගින්නට […]

FEATURE
on Apr 21, 2025
143 views 0 secs

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ගෞරව දැක්වීමක් ලෙස, ප්‍රංශයේ අයිෆල් කුළුණ අද රාත්‍රියේදී විදුලි ආලෝකයෙන් වැළකීමට තීරණය කර ඇති බව පැරිස් නගරාධිපතිනී ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. පාප්වහන්සේගේ අභාවය සමග ලෝකයේ රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, පාප්වහන්සේගේ උපන් බිම වන ආර්ජන්ටිනාව දින හතක ශෝක කාලයක්ද, බ්‍රසීලය සතියක ශෝක කාලයක්ද […]

FEATURE
on Apr 21, 2025
136 views 0 secs

සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට ලබාදුන් කාලය පැයකින් දීර්ඝ කර තිබේ.ඒ අනුව අද සිට ලබන 27 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දාවට අවස්ථාව හිමිවනු ඇති අතර සිරි දළඳා වන්දනාව සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටී.

FEATURE
on Apr 21, 2025
159 views 0 secs

අවුරුදු සමයේ බලශක්ති ඉල්ලුම අඩුවීම හේතුවෙන් අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද (21) උදෑසන 11.00ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය. වර්තමානයේ ඉහළ වාත්තු ඉල්ලුම සලකා බලා බලාගාරයේ ඒකක තුනම ක්‍රියාත්මක බවද සඳහන් වේ.