Home > Articles posted by Admin (Page 48)
FEATURE
on Apr 10, 2025
180 views 1 sec

චීනය සහ ඇමෙරිකාව අතර දිගින් දිගටම පවතින වෙළෙඳ යුද්ධය දැන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට පthva Athi බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය මත වහාම ක්‍රියාත්මක වන පරිදි, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ඇමෙරිකාව සම්බන්ධයෙන් විශේෂ සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර ඇති අතර, චීන ජාතිකයන්ට ඇමෙරිකාවේ සංචාරයන් සැලසුම් කරන අවස්ථාවේදී ඇතිවිය හැකි ආරක්ෂක අවදානම් […]

FEATURE
on Apr 10, 2025
174 views 0 secs

පොදු ජනතාව සඳහා පැවැත්වෙන සිරි දළදා දැක්මට එක්වීම සඳහා කිසිඳු විශේෂ පෝලිම් හෝ විශේෂ ප්‍රවේශ පත්‍ර නොමැති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන නායක ස්වාමීන්වහන්සේ පැවසීය. අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මෙවර දළදා දැක්මට සහභාගී වන්නට අවශ්‍ය සැමට පවතින පොදු පෝලිම් භාවිතයෙන්ම […]

FEATURE
on Apr 10, 2025
164 views 3 secs

භූ කම්පනයකට ලක්ව විපතට පත් වූ මියන්මාර ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර, එයට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් මහත්මිය වෙත අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදී. වර්තමාන ආර්ථික අර්බුදයක නිරතව සිටින ශ්‍රී […]

FEATURE
on Apr 10, 2025
194 views 2 secs

වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීන් ලෙස වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය 2025 අප්‍රේල් මස 27 වන ඉරුදින පැවැත්වීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සඳහන් කළේය. මෙම තරඟ විභාගය සඳහා […]

FEATURE
on Apr 10, 2025
150 views 0 secs

ඇමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මත ඇතිවිය හැකි බලපෑම් හා ඒ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් මෙය කැඳවනු ලැබීය. අදාළ තීරු බදු තත්ත්වය […]

FEATURE
on Apr 9, 2025
157 views 0 secs

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, අමෙරිකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 84% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අමෙරිකාව පැනවූ 104% ක තීරු බදු වලට ප්‍රතිචාර දක්වමින් ය.

FEATURE
on Apr 9, 2025
173 views 0 secs

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම්කළ බව මැතිවරණ කොමිසම පවසයි. සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

FEATURE
on Apr 9, 2025
148 views 0 secs

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය […]

FEATURE
on Apr 8, 2025
154 views 0 secs

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. අද (08) අලුයම 2.48ට පමණ හටගත් මෙම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් පෙන්වා තිබේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Apr 7, 2025
170 views 0 secs

දකුණු කොරියාවේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කෙරුණි.