Home > Articles posted by Admin (Page 48)
FEATURE
on Apr 9, 2025
106 views 0 secs

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, අමෙරිකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 84% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අමෙරිකාව පැනවූ 104% ක තීරු බදු වලට ප්‍රතිචාර දක්වමින් ය.

FEATURE
on Apr 9, 2025
121 views 0 secs

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම්කළ බව මැතිවරණ කොමිසම පවසයි. සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

FEATURE
on Apr 9, 2025
93 views 0 secs

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය […]

FEATURE
on Apr 8, 2025
101 views 0 secs

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. අද (08) අලුයම 2.48ට පමණ හටගත් මෙම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් පෙන්වා තිබේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Apr 7, 2025
114 views 0 secs

දකුණු කොරියාවේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කෙරුණි.

FEATURE
on Apr 7, 2025
101 views 0 secs

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා ලක්ෂ 70 ක් මේ වනවිට මුද්‍රණය කර අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ දිස්ත්‍රික් 12 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට සම්පූර්ණ කර ඇති අතර, එයින් දිස්ත්‍රික් 9 කට අදාළ ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දී ඇති බවයි. තවත් […]

FEATURE
on Apr 7, 2025
102 views 0 secs

සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇති අතර ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි. සෞදි නිලධාරීන් සඳහන් කරන්නේ, ඇතැම් පුද්ගලයින් […]

FEATURE
on Apr 7, 2025
105 views 0 secs

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට අමෙරිකාව සමඟ සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පදනම්ව එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල […]

FEATURE
on Apr 6, 2025
99 views 0 secs

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති⁣ගෙන් නිර්දේශ කර තිබේ. වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරු⁣වෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර රාජකාරි පැහැර හැරි බව කියන සැරයන්ව⁣රයෙකු සහ කොස්තාපල්වරයෙකුගේද වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

FEATURE
on Apr 6, 2025
102 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය. “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණවක් […]