Local News
February 17, 2025
164 views 0 secs 0

පාන්පිටි මිල පහලට..

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙන අතර ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ.

Local News
February 17, 2025
189 views 0 secs 0

2025 අයවැය ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ…

2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය. 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අතර පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. […]

Local News
February 14, 2025
180 views 0 secs 0

මෙම වසරට අදාල රජයේ අයවැය එළඹෙන සඳුදා…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ඉදිරිපත් කරන පළමු හා, මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මේ අතර අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ පැවති […]

Local News
February 12, 2025
193 views 0 secs 0

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට..

හෙට (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා කියා සිටියේය. පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම […]

Local News
February 10, 2025
175 views 0 secs 0

ජනපති නිල සංචාරයක් සඳහා එක්සත් අරාබී එමීර් රාජ්‍යයට..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.ඒ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය. ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් […]

Local News
February 10, 2025
175 views 1 sec 0

අද සිට නව දුම්රිය ගමන් වාරයක්..

අද (10) සිට ‘ඇල්ල ඔඩිසි නානුඔය’ නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කර තිබේ.මෙම දුම්රිය දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත ගමන් ආරම්භ කර ඇට්ජි බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසා සිටියා.මෙම දුම්රිය අඟහරුවාදා දින හැර අනෙකුත් දින වල උදෑසන 8:10ට නානුඔය සිට ගමන් ආරම්භ කරන අතර පස්වරු 1:00ට […]

Local News
January 26, 2025
191 views 4 secs 0

නව දුම්රිය කීපයක් හා ගමන් වාර කීපයක් ධාවනයට එක් කිරීමට තීරණයක්.

නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ. ඒ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හා දුරගමන් සේවා වෙනුවෙනි. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – […]

Local News
January 25, 2025
255 views 0 secs 0

වත්මන් ගුවන් හමුදාපති විශ්‍රාම යෑමට සැරසෙයි..

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා එම ධූරයට 2023 වසරේ ජූනි මස තේරී පත් වූ අතර, මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය. වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් […]

Local News
January 22, 2025
187 views 0 secs 0

සතොසෙහි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළට..

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ශිතනා අමාත්‍යයංගයේ උපදෙස් පරිදි, මෙම මිල ගණනන් අඩුකර ඇති අතර දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස අලෙවිසැල මගින් එම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) සිට ලබා ගත හැකි බව නිවේනදය කරයි. ඒ අනුව රට කජු කිලෝවක් […]

Local News
January 21, 2025
213 views 0 secs 0

රාජ්‍ය සේවයේ ඉහල තනතුරු 3ට කැබිනට් අනුමැතිය හිමි වෙයි..

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය […]