Local News
June 05, 2024
256 views 0 secs 0

ජගත් පරිසර දින සැමරුමට ජනපති එක් වෙයි..

රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවි සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය කිරිමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවත් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා […]

Local News
May 28, 2024
257 views 0 secs 0

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමට පියවර..

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිළධාරීන් වෙත උපදෙස් දී ඇත. එසේම මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

Local News
May 27, 2024
272 views 0 secs 0

වවුනියාව හා මන්නාරම් දිස්ත්‍රික්ක වලටත් “උරුමයෙන්” සින්නක්කර ඔප්පු..

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි “උරුමය” වැඩසටහනේ කොටසක් ලෙස සින්නක්කර ඔප්පු 700ක් බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. බෙදාදීම ඊයේ (26) වවුනියාව මෝජෝ උත්සව ශාලාවේදී සිදු විය. සමස්තයක් ලෙස “උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සින්නක්කර ඔප්පු 5400ක් ප්‍රදානය කෙරේ.

Uncategorized
May 26, 2024
315 views 0 secs 0

“උරුමයෙන්” මුලතිව් ජනතාවට සින්නක්කර ඔප්පු

“උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද (26) පුත්තුකුඩියිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී සිදු කෙරිණි. “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 1,376ක් ලබා දීමට නියමිතය.

Local News
May 26, 2024
254 views 0 secs 0

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සා මධ්‍යස්ථානය විවෘත කෙරේ..

මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (26) විවෘත කෙරිණි. 2017 වසරේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙම පහසුකම ඉදිකිරීම ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 4,500, නෙදර්ලන්ත රජය විසින් අරමුදල් සපයන ලදී.

Local News
May 23, 2024
280 views 0 secs 0

ජනපතික් වෙසක් සුභ පැතුම්…

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතා ප්‍රකාශ කර සිටියා.

Local News
May 21, 2024
339 views 0 secs 0

අද ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ…

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස නම් කොට තිබෙනවා.ඒ හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අද දිනයේ අඩකුඹු කොට තබන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දී සිටියා.

Local News
May 19, 2024
314 views 0 secs 0

“සුරක්ෂා” සිසු රක්ෂණය යළි ඇරඹේ…

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ. මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා […]

Local News
May 14, 2024
232 views 1 sec 0

ග්‍රාමීය ජනයාගේ දිළිදුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණි – ජනපති.

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. .එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ […]

Local News
May 08, 2024
230 views 0 secs 0

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්..

නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට සංකේතාත්මකව ලිපි ප්‍රධානය කිරීම සදහා අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට ජනාධිපතිවරයා එක් වන ලදී.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දී සිටියේකෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බවයි. එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් […]