Local News
November 13, 2023
215 views 0 secs 0

ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමට වැඩපිළිවෙලක්…

මෙවර 2024 අයවැය යෝජනා හරහා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මෙම ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇති අතර 2034 වනවිටදී ඉංග්‍රීසි සාක්ෂරතාව සැමට ලබාදීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා

Local News
November 11, 2023
217 views 0 secs 0

අපොස සා.පෙළ ප්‍රතිපල ඉදිරි සති දෙක තුළ..

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි ආරම්භ වන බවත්, විභාග කාල සටහන ලබන වසරේ සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නියමිතව තිබුණ ද එය තවත් වසරකින් කල් යනු ඇති බවත් අමාත්‍යවරයා […]

Local News, Sports
November 10, 2023
340 views 1 sec 0

ICC ය අත්හිටුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බව අද (10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇති බව සඳහන් වේ. විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට […]

Local News
November 10, 2023
226 views 0 secs 0

එළඹෙන සඳුදා දමිළ පාසල් වලට නිවාඩු….

ලබන 13 වැනි සඳුදා සියලු දමිළ පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. ඒ එළඹෙන 12 වැනිදාට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙනි. මෙලෙස නිවාඩු ලබා දෙන දමිළ පාසල් 18 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවද, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

Local News
November 01, 2023
215 views 0 secs 0

ඉන්ධන තොග කළමණාකරණය වැදගත් – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ලෝක වෙළදපොළෙහි පවතින ඉන්ධන අර්බුදය සමග මෙරට ඉන්ධන තොග කළමණාකරණය කරගැනීම වඩාත් වැදගත් බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහල මට්ටමක පැවතියද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කල බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අනුරාධපුර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Local News
October 31, 2023
212 views 0 secs 0

ජනවාරියේ සිට ඉහල යන වැට් බද්ද…

ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අමතරව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රකාශ කර […]

Local News
October 23, 2023
212 views 0 secs 0

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට….

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම සතිය තුළ ඒ අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බව, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සමනල වැව, වික්ටෝරියා, රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තිබෙන සීමාවලට නිසි වර්ෂාපතනයක් නොලැඹෙන බවත් ජලාශවල තිබෙන ධාරිතාවෙන් මේ වනවිට භාවිතා […]

World News
October 18, 2023
235 views 1 sec 0

බොර තෙල් මිල් ඉහලට…

ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.11 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.19 ක් වනවා.

Local News
October 18, 2023
228 views 0 secs 0

සතොස භාණ්ඩ කිහිපයක මිල පහලට..

හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. එයට අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 650කි. එමෙන්ම දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545කි. […]

Local News
October 12, 2023
232 views 0 secs 0

දක්ෂිණ අධිවීගී මාර්ගය අවහිර වෙයි..

පස් කන්දක් කඩා වැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටසේ 102 වැනි කිලෝමීටරයේ මංතීරු හතරම අවහිර වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දී සිටී. ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලු රථවාහන පින්නදූව පිවිසුමෙන් පිට වී ගාල්ල, දෙනියාය මාදම්පේ ඔස්සේ ගමන් කර නැවත ඉමදූව […]