Local News
January 01, 2024
260 views 0 secs 0

නව වැට් බද්ද සමග ගෑස් මිල ඉහලට..

නව වැට් බදු සංශෝධනය සමග ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහලා දැමේ. කෙසේ වුවද ගෑස් සදහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා ගුවන් සේවා බද්ද ඉවත් කර ඇති අතර, 15.5%කින් ගෑස් මිල ඉහළ නැංවෙන බව වාර්තා වේ.මෙම බද්ද සමග ලිට්‍රෝ ගෑස් සමාගමේ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.500කින් පමණ ඉහල යාමට […]

Local News
December 29, 2023
251 views 0 secs 0

ජල බිල්පත් ගෙවීම 15%කින් පහලට…

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති අතර මේ වන විට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි සඳහන් කර සිටියා. තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
December 29, 2023
232 views 0 secs 0

අද මධ්‍යම රාත්‍රියෙන් පසු උ.පෙළට අදාලව කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු තහනම්…

අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු, මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් වන අතර අදාළ නීති කඩකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන […]

Local News
December 26, 2023
215 views 0 secs 0

ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්..

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 8728ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් කර සිටියා. වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,216 ක් වන […]

Local News
December 25, 2023
239 views 0 secs 0

සුරා සැල් වැසේ…

නත්තල නිමිත්තෙන් අද (25) සහ හෙට (26)සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත තරු පන්තියේ හෝටල් සඳහා එම නියෝගය අදාළ නොවන බව වාර්තා වේ.

Local News
December 20, 2023
242 views 0 secs 0

විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලපාන්නේ නැහැ- බලශක්ති ඇමති…

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බවත්, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Local News
December 12, 2023
228 views 0 secs 0

විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රාජ්‍ය අනුමැතිය…

මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රජයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන […]

Local News
December 11, 2023
248 views 0 secs 0

වැට් සම්මතයි….

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමි වූ අතර එය වැඩි ඡන්ද 45කින් සම්මත විය.

Local News
December 11, 2023
249 views 0 secs 0

වැටුප් දීමනාව වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය….

හෙට (12) දින දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා. රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව […]

Local News
December 08, 2023
246 views 0 secs 0

මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත එළඹෙන වසරේ සිට ක්‍රියාවට….

ලබන වසරේ විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අද (08) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කර සිටියා.