World News
June 03, 2023
317 views 0 secs 0

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුර…

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී සිදු වී මෙම අනතුරින් පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම මාරාන්තික දුම්රිය අනතුර ඊයේ රාත්‍රී 7ට පමණ […]

Local News
May 31, 2023
276 views 0 secs 0

ඉන්ධන මිලෙහි වෙනසක්..

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 318 කි. නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 385කි.

Uncategorized
May 30, 2023
286 views 0 secs 0

බොරතෙල් මිල පහලට…

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් ඇති අතර එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මතගැටුම සමනයවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වෙයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබූ අතර සමස්තයක් වශයෙන් බොර තෙල් මිල 2%කින් පමණ පහළගොස් ඇති බව මාධ්‍ය වාර්තා […]

Local News
May 30, 2023
310 views 1 sec 0

ගිනි නිවීම් සේවා හදිසි ඇමතුම් අංකවල වෙනසක්…

හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 011-2686087 යන දුරකථන අංකය භාවිත කරන ලෙසට කොළඹ ගිනි නිවීමේ ඒකකය දැනුම් දී සිටියා. මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවද එම ඒකකය දැනුම් දී සිටියා.

Local News
May 27, 2023
297 views 0 secs 0

ඉන්ධන කෝටාව ඉහල දැමීමට තීරණයක්…

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් , දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව සඳහන් කර තෙබේ. එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Local News
May 22, 2023
287 views 1 sec 0

නිල සංචාරයක් සඳහා ජනපතිවරයා හෙට දිවයිනෙන් පිටව යයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි සඳහන් වේ. එළඹෙන 25 සිට 27 දක්වා ජනාධිපතිවරයා ජපානයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා ජපාන අග්‍රාමත්‍ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

Local News
May 22, 2023
279 views 1 sec 0

මෙරටට ඛනිජ තෙල් සැපයීමට Sinopec සමාගම සමඟ ගිවිසුම් අත්සන් තැබේ..

Sinopec සමාගම මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළේ, කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ සහ සිංගප්පූරුවේ මව් සමාගම් සමග ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය , ගබඩා කිරීම , බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ […]

Local News
May 22, 2023
270 views 0 secs 0

අන්තරේ නව කැඳවුම්කරු පත් කෙරේ…

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවෙක් වනමධුෂාන් චන්ද්‍රජිත් මහතා පත් කර තිබේ. මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලැඋවේ වසන්ත මුදලිගේ වේ.

Local News
May 18, 2023
272 views 0 secs 0

ඩොලරය තව පහලට…

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබුණෛ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටත්, විකිනුම් මිල රුපියල් 312.37ක් ලෙසටත් සඳහන් වුණා.

Local News
May 17, 2023
282 views 0 secs 0

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන්…

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් ද, නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන්ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධනද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.