Local News
March 27, 2023
545 views 0 secs 0

රුපියලට සිදු වන දේ…

අද (27) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.82ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 332.58ක් ලෙසත් සඳහන් විය.

Local News
March 26, 2023
324 views 0 secs 0

බස් ගාස්තු පහල යන ලකුණු…

මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකල හැකි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බව ප්‍රවාහන අමාත්‍යය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියා. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය […]

Local News
March 26, 2023
302 views 0 secs 0

කිරි තේ මිලෙහි වෙනසක්…..

කිරිපිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා හෙට (27) සිට කිරි තේ කෝප්පයක් රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. එමෙන්ම හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ බව කිරිපිටි ආනයනකරුවන් පසුගිය දා පැවසීය.

Local News
March 22, 2023
297 views 0 secs 0

රුපියල් අගය තව ශක්තිමත් වෙයි…

අද (22) දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ. අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද සඳහන් වූ අතර ඊයේ (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද වාර්තාවිය.

Local News
March 21, 2023
312 views 0 secs 0

රුපියල තවත් ශක්තිමත් වෙයි…

අද (21) දිනය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබූ අතර අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 334.93 වශයෙන්ද සඳහන් වී තිබුණි..

Local News
March 21, 2023
293 views 0 secs 0

IMF සහනය දින දෙකකින්…

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය යටතේ ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක තුළ මෙරටට නිදහස් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය. මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බව […]

Local News
March 17, 2023
297 views 0 secs 0

350/- ඉක්මවූ ඇ. ඩොලරය…

පෙබරවාරි මාසය නිමාවන විට රුපියල් 360කට ආසන්නයේ තිබු ඇමරිකානු ඩොලර් එකක මිල දින දහයක් තුළ රුපියල් 318 ක් දක්වා පහළ වැටුණ අතර පසුගිය දින පහ තුළදී ඩොලරය යලි රුපියල් 350 ඉක්මවා ඉහළ යාමක් පෙන්නුම් කළේය. මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාත අගයන් වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 යි සත 22 […]

Local News
March 08, 2023
328 views 0 secs 0

තිරිඟු පිටි මිල පහලට….

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි මිල අද (08) සිට රුපියල් 15කින් අඩු කිරිමට පහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

Local News
March 08, 2023
329 views 0 secs 0

පාන් මිල පහලට….

අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

Local News
March 08, 2023
298 views 0 secs 0

වෛද්‍යවරුන් 13 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

මාර්තු 15 වනදා වන විට රටම අඩපණ කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළ යුතු බවට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 13 වනදා සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධවීමට තීරණය කර ඇති බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ. කෙසේ වුවද 10 වනදා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලබාදී […]