Local News
January 21, 2023
199 views 0 secs 0

බිත්තර ගැන තීන්දුව…

දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවත්, මෙම දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බවත් වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදිසුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පාරිභෝගික […]

Local News
January 20, 2023
196 views 0 secs 0

ඉන්දීය විදේශ කටයුතු ඇමති හා අලි සබ්රි අතර හමුවක්…

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඊයේ (19) රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවී තිබේ. එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට […]

Local News
January 18, 2023
191 views 0 secs 0

සීඝ්‍රයෙන් ඉහල යන පොල් මිල..

වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති. මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 120 කට අධික මිලකට අලෙවි වන බවත් එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත්, පාරිභෝගිකයන් පෙන්වා දෙති. පොල් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පොල් අස්වැන්නේ […]

Local News
January 17, 2023
199 views 0 secs 0

අද රාත්‍රියේ සිට 2022 උ.පෙළ පන්ති පැවැත්වීම තහනම්..

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති අතර විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න […]

Local News
January 08, 2023
278 views 0 secs 0

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාගත ආදායමක්…

2022 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 170ක ආදායමක් උපයා ඇති අතර එය සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස සඳහන් වේ. එලෙස වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි. මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවත්,දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති […]

Local News
January 06, 2023
186 views 0 secs 0

ලාෆ්ස් ගෑස් මිලත් පහලට…

ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032 කි.

Local News
January 05, 2023
187 views 0 secs 0

පැය 18ක ජල කප්පාදුවක්…

ජනවාරි 07 වනදා රාත්‍රී 10.00 සිට 8 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව සිදුකරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙනි. ඒ අනුව කොළඹ- 01, 02, 03, 04, 07, 09, 10, […]

Uncategorized
January 05, 2023
194 views 0 secs 0

තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට….

අද (05) සිට පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් සිය අයදුම්පත් එළඹෙන ජනවාරි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවත්, එම දිනය නැවත කිසිසේත් […]

Local News
January 05, 2023
206 views 0 secs 0

ලිට්‍රො ගෑස් මිල පහලට….

හෙට (05) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් පහළ දැමීමට තීරණය කර ඇති අතර නිශ්චිතව අඩුවන ප්‍රමාණය අද (05) දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් ලිට්‍රො සමාගම සඳහන් කර සිටියා.

Local News
January 02, 2023
190 views 0 secs 0

6 වනදා තෙක් විදුලි කප්පාදුවක්..

ජනවාරි 03 සිට 06 අතර දෛනිකව පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව සියලුම කලාප වලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී සිටියා.