Local News
March 05, 2023
231 views 0 secs 0

ගෑස් මිලෙහි වෙනසක් නැහැ – ලිට්‍රෝ සමාගම

ගෑස් මිල සංශෝධනය නොකරන බව, ලිට්‍රෝ සමාගම පප්‍රකාශ කර සිටියා. මිල සූත්‍රයට අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද, ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන මිල සංශෝධනයක් නොකරන බව, ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ ය.ඒ අනුව පැවති මිල ගණන්වලටම මෙම මාසයේදී ගෑස් අලෙවි කෙරෙනු ලබයි.

Local News
March 04, 2023
215 views 0 secs 0

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්…

හෙට (05) දිනයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බව එම සමාගම සඳහන් කරයි. මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.

Local News
March 03, 2023
230 views 0 secs 0

හෙට දින කොළඹ ප්‍රදෙශ කිහිපයක ජල කප්පාදුවක්….

හෙට (04) වනදා පස්වරු 2 සිට ඉරිදා (05) වනදා පස්වරු 2 දක්වා කොළඹ ප්‍රදෙශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනි. මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන්නේ කොළඹ 01,02,03,04 […]

Local News
February 28, 2023
233 views 0 secs 0

වෘත්තීය සමිති කිහිපයක් හෙට දැවන්ත විරෝධතාවයක…..

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු, විශ්වවිද්‍යාල සහ ටෙලිකොම් වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා. එමෙන්ම අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්නොවී ප්‍රාදේශීය වශයෙන් විරෝධතා වල නිරත වීමට තීරණය කර තිබෙනවා අතර රෝහල් වලට පැමිණෙන රෝගීන්ව […]

Local News
February 27, 2023
252 views 0 secs 0

QR ක්‍රමය ඉවත් කිරීමේ තීරණයක් නැහැ – කංචන විජේසේකර

ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR ක්‍රමය අප්‍රේල් 10 වනදා වන විට අවලංගු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම දැනට වෙන් කර ඇති කෝටාව ක්‍රමයෙන් වැඩි කිරීමට අදාළ දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව එම ටුවිටර් පණිවිඩයේ සඳහන් ය. ඉදිරි මාස කිහිපය තුළ මුදල් […]

Local News
February 25, 2023
205 views 0 secs 0

මහින්ද රාජපක්ෂ නැවතත් අගමැති ධූරයට ගෙන ඒමට කටයුතු කර බව චන්න ජයසුමන පවසයි.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ප්‍රකාශ කළා.නිදහස් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම පියවරට සහය ඉල්ලා ඇති බවයි.“අගමැති ධූරයේ වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ අපේ හිතවතුන් යෝජනාවක් ගෙනාවා. […]

Local News
February 24, 2023
198 views 0 secs 0

ජල බිල්පත් ඉහල යයිද?

ජල බිල්පත් ගෙවීම 40% දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ඇති අතර, ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ. බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති […]

Local News
February 24, 2023
198 views 0 secs 0

මැතිවරණය කවදාද..? තීරණය 3 වැනිදාට..

මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එමෙන්ම මාර්තු 3 වැනි දා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන්, මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් […]

Local News
February 24, 2023
206 views 0 secs 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තාගත ශුද්ධ ලාභයක්…

2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව නිවේදනය කරයි.එය තම ආයතන ඉතිහාසයේ වසරකදී ඉපැයූ ඉහලම ශුද්ධ ලාබය ලෙස ද එම නිවේදනයේ සඳහන් ය.

Local News
February 22, 2023
203 views 0 secs 0

වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළදුන්ට නඩු පවරයි.

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එසේ තිබියදී තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ. මෙම වැටලීම් වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි […]