Local News
January 02, 2023
299 views 0 secs 0

6 වනදා තෙක් විදුලි කප්පාදුවක්..

ජනවාරි 03 සිට 06 අතර දෛනිකව පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව සියලුම කලාප වලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී සිටියා.

World News
January 01, 2023
291 views 0 secs 0

බොරතෙල් මිල ඉහලට….

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දැක්විණි.

Local News
January 01, 2023
305 views 0 secs 0

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවතට…

අද (01) සිට වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි.. එක් වාහනයක් පළාත් අතර අවස්ථා කිහිපයකදී විකුණන අවස්ථා ඇති බවත් එහිදී අංක තහඩුව අලුතින් මුද්‍රණය කළද රියදුරන් එය ලබා ගැනීමට නොපැමිණෙන […]

Local News
December 21, 2022
316 views 0 secs 0

ජනවාරියේ සිට විදුලි බිල ඉහලට…

ජනවාරි මස සිට විදුලි බිල නැවත ඉහල දැමීමට පියවර ගන්නා බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
December 19, 2022
330 views 0 secs 0

නොමිලේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්…

ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්ත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම දිනයන්හිදී දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 23 වැනිදා ළමුන්ට ද, 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බව එහි අධ්‍යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
December 16, 2022
312 views 0 secs 0

අද දින පැය 02කට අධික විදුලි කප්පාදුවක්..

අද (16) දින පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සවස් කාලයේ සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

Local News
December 07, 2022
314 views 0 secs 0

සපුගස්කන්ද නැවත වැඩ ඇරඹීමට සූදානම්…

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවත්, තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ වන විට මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. […]

Local News
December 05, 2022
314 views 0 secs 0

අද සිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය නව කාලසටහනට අනුව…

කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබූ කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු අද (05) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Local News
December 05, 2022
328 views 0 secs 0

පාසල් වල තෙවන වාරය අදින් අරඹයි..

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය අද(05) ආරම්භ වූ අතර නත්තල වෙනුවෙන් යළි ලබන 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දී ජනවාරි 2 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. පසුව අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා යළිත් පාසල් ආරම්භ වනු ඇති. පාසල්වල තෙවැනි […]

Local News
December 01, 2022
307 views 0 secs 0

හෙට පැය 15ක ජල කප්පාදුවක්..

අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින (03) දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.එම මණ්ඩලය නිවේදනය කර සිටියා. මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල […]