Local News
November 14, 2022
210 views 0 secs 0

සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට නිවේදනයක්…

හෙට (15) සිට, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය ආරම්භ වනවා. දෙසැම්බර් මස 31 වන දින දක්වා මෙමම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් […]

Local News
November 13, 2022
221 views 0 secs 0

ඉන්ධන තොග ගොඩබෑම අරඹයි…

දිවයිනට සේන්දු වූ බොරතෙල් නෞකාවේ තෙල් මෙට්‍රික් ටොන් 99,978ක තොග ගොඩබෑම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අමතරව දිවයිනට සේන්දු වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම ද ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසයි. එලෙස ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පැමිණියේ අප්‍රේල් මාසයෙන් පසුව වන අතර […]

Local News
November 05, 2022
231 views 0 secs 0

මහින්ද දේශප්‍රියට අලුත් භූමිකාවක්

මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Local News
November 04, 2022
212 views 0 secs 0

ඉදිරියේදී ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති කියයි.

නැවත ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ය. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න  ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේ ගෑස් හිඟයක් ඇති නොවන බවයි.ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඇතැම් අලෙවි නියෝජිතයින් මිල සංශෝධනයක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ඇණවුම් ලබා නොදීම හේතුවෙන් හිඟයක් වාර්තා වූ බවත් සඳුදා දිනය වන විට […]

Local News
November 04, 2022
214 views 3 secs 0

සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරන බව ලංකා සතොස අද (3) නිවේදනය කළේය. සුදු සීනි (කිලෝ ග්‍රෑම් 1) නව මිල රු. 238/-කි. පිටි (1kg) නව මිල රු. 279/-කි. දේශීයව නිෂ්පාදනය කරන සැමන් ටින් ටින් එකක් නව මිල රු. 585/-කි. තායි හාල්මැස්සන් (කිලෝ ග්‍රෑම් 1) නව මිල රු. 1,300/-කි. රතු පරිප්පු (කිලෝ 1) නව මිල රු. […]

Local News
October 31, 2022
235 views 1 sec 0

හෙට සිට පැය දෙකක විදුලි කප්පාදුවක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම සතිය සඳහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ 2022 නොවැම්බර් 1 වැනි අඟහරුවාදා සිට නොවැම්බර් 4 වැනි සිකුරාදා දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි. දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක […]

Local News
October 31, 2022
237 views 0 secs 0

පාන් ගෙඩියක මිල රු.10/= කින් අඩු වේ.

අද (31) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10/- කින් අඩු වේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ රටේ පවතින තත්ත්වය සහ තිරිඟු පිටි මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

Local News
October 28, 2022
231 views 0 secs 0

ගොවීන්ට යූරියා කිලෝ 50ක මල්ලක් රුපියල් දසදහසකට ලබාදීමට තීරණය කෙරේ.

රජය විසින් වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක්  රුපියල් 10,000 කට ලබා දීමට තීරණය කර තිබෙනවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදු කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින්  මෙම පියවර ගත් බවයි.මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Local News
October 28, 2022
236 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Local News
October 27, 2022
257 views 0 secs 0

තිළිණි ප්‍රියමාලි රුපියල් කෝටි 100ක මුදලක් වංචා කළ බව හෙළිවෙයි.

ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලිට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇය රුපියල් බිලියන 1.28 ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මේ බව කියා සිටියේ ය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසුවේ, මේ වනවිට පැමිණිලි 12ක් ලැබී ඇති අතර අදාළ ව්‍යාපාරික කාන්තාවට එරෙහිව එම […]