Local News
October 14, 2022
207 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට 15 වන දින ජය සැපයුම අත් හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව කොළඹ 02,03,04,05,06,07,08 හා 09 යන ප්‍රදේශ වලට 15වන දින රාත්‍රී 10 සිට 16වන දින උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත් හිටුවනු ලැබේ.

Local News
October 13, 2022
233 views 0 secs 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමට විශේෂ වැඩ පිළිවෙලක්..

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම සදහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
October 12, 2022
259 views 0 secs 0

මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති ලෙස කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය පත් කෙරේ.

මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව මුදල් මණ්ඩලය විසින්සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති තනතුරට 2022 ඔක්තෝබර් 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උසස් කර ඇත.කේ එම් ඒ එන් දවුලගල මහත්මිය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණය සහ නියාමනය, සාර්ව විචක්ෂණ නිරීක්ෂණ, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණය, ප්‍රාදේශීය […]

Local News
October 11, 2022
520 views 2 secs 0

මෙරට ප්‍රථම සූර්ය පැනල විදුලි බලාගාරය මඩකලපුවේ..

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ ඉදිකරන ලද සෝලා යුනිවර්ස් හෙවත් සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) විවෘත කරන ලදී. මෙම බලාගාරය Wind Force, Vidullanka හා Hi Energy සමාගම් වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්තිය නිපදවීම හා කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කර සිටියා. මෙම […]

Local News
October 11, 2022
202 views 0 secs 0

ලාෆ්ස් ගෑස් මිල පහලට..

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 5300කි. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2120ක් වේ.

Local News
October 10, 2022
217 views 0 secs 0

පාඨලී චම්පිකගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි.

අද (10) දිනයේ කොළඹ මහාධිකරණය විසින් ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.මෙම නියෝගය අද කොළඹ මහාධිකරණ […]

Local News
October 08, 2022
213 views 0 secs 0

සදුදා විශේෂ බැංකු නිවාඩු දිනයක්..

එළඹෙන සදුදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නබි නායක තුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09වන ඉරුදිනට යෙදී තිබීම එයට හේතුවයි.

Local News
October 07, 2022
235 views 0 secs 0

අපොස උ.පෙළ හා ශිෂ්‍යත්වය පැවැත්වෙන දින වෙනස් වෙයි..

2022 වසරේ අපොස උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙනවා.ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින ද, අපොස උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23දා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

Local News
October 07, 2022
220 views 1 sec 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි

බොරතෙල් භාණ්ඩ සඳහා විදේශ විනිමය හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) සිට වසා තැබෙන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතුව සියලුම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් තොග ඇති බැවින් පිරිපහදු කළ නිෂ්පාදනවල හිඟයක් ඇති නොවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පිරිපහදු […]

Health, Local News
October 07, 2022
231 views 0 secs 0

ඖෂධ හිගය තවමත් පවතිනවා – වෛද්‍ය හම්දානි

රට තුළ තවමත් අත්‍යාවශ්‍ය ඖෂධ 110ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියා. එහි ජාත්‍යන්තර ඖෂධ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, හිගව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාර පවත්වගෙන යන බවත්, ඖෂධ හිගය වැලැක්වීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවත් සදහන් කර සිටියා.