World News
September 30, 2022
308 views 0 secs 0

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්…

මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම භූකම්පනය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර් 112 ක් පමණ දුරකට දැනී ඇති බවට එරට භූ කම්පනය මධ්‍යස්ථානය සදහන් කර තිබුණා. කෙසේ වෙතත් මෙමගින් ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද වාර්තා […]

Uncategorized
September 29, 2022
306 views 0 secs 0

ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය සූදානම් – රංජිත් සියඹලාපිටිය

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.එමෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට […]

Local News
September 29, 2022
293 views 0 secs 0

ඉන්ධන නෞකා වලට මුදල් ගෙවීමට පියවර…

ඊයේ මෙරටට ළඟා වූ තවත් පෙට්‍රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊට අමතරව මීට දින 10 කට පෙර මෙරටට ළඟා වී ඇති ඩීසල් නෞකාවකට ලබන සතිය තුළ ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද, සංස්ථාව සඳහන් කළේ ය. මේ අතර, බොරතෙල් රැගෙන පසුගිය 20 වැනිදා මෙරටට […]

Local News
September 29, 2022
282 views 0 secs 0

22 ගැන විවාදය ලබන සතියේ…

අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන 6 සහ 7 යන දිනයන්හි දී, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.

Politics
September 29, 2022
566 views 2 secs 0

රනිල් හා හා පිලිපීන ජනාධිපති අතර හමුවක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා. පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින […]

Local News
September 28, 2022
275 views 0 secs 0

නිදහස් පක්ෂය ජාතික සභාවට එන්නේ නෑ – මෛත්‍රීපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂය ජාතික සභාවට එක් නොවන බව පවසනවා.මුලින්ම පිහිටුවිය යුත්තේ ජාතික සභාව බවත්, අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කර ජාතික සභාවක් පිහිටුවීම ඵලක් නොමැති බවත් ඔහුඅද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.

Local News
September 28, 2022
271 views 0 secs 0

සින්ඩි මැකේන් දළදා මාලිගාවට…

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිෂ්‍රයට පැමිණි සිටි අතර එහිදී, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති අර්බුදයෙන් මිදීමට සඳහා අමෙරිකානු රජය විසින් හැකි උපරිමයෙන් කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබලන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Local News
September 28, 2022
277 views 1 sec 0

සංචාරක කර්මාන්තය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කළ යුතුයි – අනුර කුමාර දිසානායක 

රට මුහුණදී ඇති ඩොලර් සහ රුපියල් අර්බුදයට විසඳුමක් ලංකාවේ සංචාරක කර්මාන්තය  සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමෙන් සොයාගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙය සඳහන් කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්ය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්ඩොලර් අර්බුදයට වඩා රුපියල් අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණදී ඇති බවයි. ඒ අනුව රුපියල් අර්බුදය […]

Local News
September 27, 2022
372 views 0 secs 0

තොටලග ඇති වූ ගින්න..

තොටළඟ – කජීමාවත්තේ මහල් නිවාස සංකීර්ණයක අද ගින්නක් ඇති වූ අතර මේ වන විට ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ගින්නෙන් නිවාස 50 ක් පමණක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

Local News
September 26, 2022
279 views 10 secs 0

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්…

හෙට (27) සහ අනිද්දා(28) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇත.